
(පානදුර සුමිත් පොතුපිටිය සහ කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සිලෝන් බිස්කට් සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන ‘මන්චි‘ කුසලාන ජාතික වොලිබෝල් තරගාවලියේ ‘බී‘ කොටසේ බස්නාහිර පළාත් පිරිමි ශූරතාවය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය විසින් දිනාගන්නා ලදි. මෙම තරගාවලියේ කාන්තා ශූරතාවය කිරිඳිවැල සංඝමිත්තා ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි.
වලගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහ තරඟයේදී තරඟ වට 3 - 1 වශයෙන් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය පරාජය කළ පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය බස්නාහිර පළාත් පිරිමි ශූරතාවය හිමි කර ගත්තේය .
රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවැති කාන්තා අවසන් මහ තරගයේදී සියනෑ පිල තරඟ වට 3 - 2 වශයෙන් පරාජයට පත් කරමින් ගම්පහ කිරිඳිවැල සංඝමිත්තා ක්‍රීඩා සමාජය විසින් ශූරතාවය හිමි කර ගන්නා ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.