Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පෙරහුරු තරගය දිනයකින් කල්යයි
වි 20 ලෝක කුසලාන

පෙරහුරු තරගය දිනයකින් කල්යයි

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත තිබූ වන පළමු පෙරහුරු තරගය හෙටට (11 වැනිදාට) කල්දමා තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම තරගය දිනයකින් කල්දමනු ලැබ ඇත.

සිම්බාබ්වේ පිලට එරෙහිව, මෙම තරගය අද (10 දා) පැවැත්වීමට මුලින් කටයුතු යොදා තිබූ නමුත් පෙරහුරු තරගයක් වන බැවින්, තරගය පැවැත්වෙන දිනය වෙනස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසර දී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පෙරහුරු තරගය 13 වැනිදා අයර්ලන්ත පිලට එරෙහිව පැවැත්වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්බර්න්හිදී පුහුණුවීම් කළේය. ඔවුන් පෙරහුරු තරග දෙකට සහභාගි වන්නේ මෙල්බර්න් පිටියේදී සහ එතැන් සිට පා ගමනින් යා හැකි දුරින් පිහිටි, ශාන්ත කිල්ඩාහි, ජන්ෂන් ඕවල් පිටියේදීය. පෙරහුරු තරග දෙකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.

මේ මස 16 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය සුදුසුකම් ලැබීමේ වටයේ තරගයකි. සුදුසුකම් ලැබීමේ වටයේ තරග තුනම මෙල්බර්න් නුවරට ඉතාම ආසන්නයේ පිහිටි ගීලෝන්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාව තරග කරන ‘ඒ’ කාණ්ඩයට නැමීබියාව, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත්ව සිටිති. මෙම කණ්ඩායම් 4 අතුරින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කාණ්ඩයට ඇතුළත් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන මහේල ජයවර්ධන මහතා පසුගිය සිකුරාදා මෙල්බර්න් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්විය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම ආකර්ශනය වන්නේ වේග පන්දු යවන්නන් පස් දෙනායි. දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මධුශංක සහ චාමික කරුණාරත්න යන පස්දෙනා අතුරින් පැයට කිලෝ මීටර 140 කට වැඩි වේගයෙන් පන්දු යැවිය හැකි තිදෙනෙක්ම සිටිති. එය කලකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී තිබෙන සුවිශේෂී වාසියකි.

ඔවුන්ට අමතරව, අවශ්‍ය වුවහොත්, නායක දසුන් ශානකට ද වේග පන්දු යවන්නකුගේ භූමිකාව බාරගත හැකිය. තරගාවලිය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේදී වන බැවින්, වේග පන්දු යවන්නන්ගෙන් වැඩි යමක් අපේක්‍ෂා කෙරේ.

 


අදහස් (0)

පෙරහුරු තරගය දිනයකින් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.