Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර සවාර්හිදී පැවැති දෙදින පෙරහුරු තරගය අද (11 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය ඕවර 8.3 කටද, දෙවැනි දිනය ඕවර 9.5 කටද සීමා විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගය නිමාවට පත්වන විට කඩුල්ලක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේය. ඒ වන විට ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද, කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ශ්‍රී ලංකා පිල - ඕවර 18.2 කදී කඩුල්ලක් දැවී 50
(ඕෂධ ප්‍රනාන්දු නොදැවී 26, කුසල් මෙන්ඩිස් නොදැවී 22)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.