Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුහුණු තරගයේ ජය ලොකු කුසල්ගේ පිලට

පුහුණු තරගයේ ජය ලොකු කුසල්ගේ පිලට

editorial - 2021 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කුසල් ජනිත් පෙරේරාගේ (95) වේගවත් පිතිහරඹය හමුවේ මැන්චේස්ටර්හිදී ඊයේ (18 වැනිදා) පැවැති විස්සයි20 පුහුණු තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කුසල් ජනිත්ගේ කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 219 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු ධණුෂ්ක ගුණතිලක පන්දු 52 කදි හයේ පහර 8 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 98 ක් රැස්කිරීමට සමත්විය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 32 ක් ද, කුසල් මෙන්ඩිස් පන්දු 31 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 42 ක් සහ දසුන් ශානක පන්දු 20 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම ලකුණු 200 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

අවිශ්ක ප්‍රනාන්දු සමගින් පළමු කඩුල්ල සඳහා පන්දු 31 කදී ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ධණුෂ්ක ගුණතිලක, දෙවැනි කඩුල්ල සඳහා පන්දු කුසල් මෙන්ඩිස් සමගින් එක්ව පන්දු 58 කදී ලකුණු 106 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

පන්දු යැවීම සඳහා කුසල් ජනිත් පෙරේරා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගැනීමට අපොහොසත් විය. දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න සහ ඉසුරු උදාන කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය කුසල් ජනිත් පෙරේරාගේ කණ්ඩායම ඕවර 19.2 කදි කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ නායක කුසල් ජනිත් පන්දු 50 කදී ලකුණු 95 ක් රැස්කරමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමීය. ආබාධයක් හේතුවෙන් ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු පිටියෙන් ඉවත්වන විට පන්දු 34 කදී ලකුණු 50 ක් ලබා සිටියේය.

ධනංජය ද සිල්වා පන්දු 22 කදී නොදැවී ලකුණු 32 ක් ලබාගත් අතර වනිඳු හසරංග පන්දු 10 කදී ලකුණු 25 ක් ලබාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය දායක වූහ.

පන්දු යැවීම සඳහා කුසල් මෙන්ඩිස් පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත් නමුත් ලකුණු 34 කට කඩුලු 2 ක් දවාගත් බිනර ප්‍රනාන්දු තරමක් සාර්ථක පන්දු යැවීමන නිරත විය. අකිල ධනංජය කඩුල්ලක් දවාගත්තේය.


කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 219
(ධණුෂ්ක ගුණතිලක 98, අවිශ්ක ප්‍රනාන්දු 32, කුසල් මෙන්ඩිස් 42, දසුන් ශානක 30, දුෂ්මන්ත චමීර 18/1, චාමික කරුණාරත්න 36/1, ඉසුරු උදාන 48/1)

කුසල් ජනිත්ගේ කණ්ඩායම - ඕවර 19.2 කදී කඩුලු 3 ක් දැවී 220
(ඕෂධ ප්‍රනාන්දු නොදැවී 50, කුසල් ජනිත් 95, ධනංජය ද සිල්වා නොදැවී 32, වනිඳු හසරංග 25, බිනුර ප්‍රනාන්දු 34/2, අකිල ධනංජය 40/1)


අදහස් (1)

පුහුණු තරගයේ ජය ලොකු කුසල්ගේ පිලට
  • krishantha Saturday, 19 June 2021 05:06 PM

    පන්දු යවන්නන්ගේ පින්තූර ටිකක් අරන් තියාගමු. ආයෙ නොදකින්නත් ඉඩක් තියෙනවා වගේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.