Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැතුම් නිශ්ශංක හා කුසල් මෙන්ඩිස් ගේ ගිණිකෙලි වැනි පිතිහරඹයට පින්සිදුවන්නට ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දියාව සමග පැවති තරගයේ තියුනු තරගයකින් පසු සුපරි පන්දුවාරයෙන් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙය ඩුබායිහිදී අද (26දා) පැවැත්විණි.මෙහිදී පැතුම් නිශ්ශංක සිය විස්සයි20 දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත්විය.
ලකුණු 203 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රීලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ලට පන්දු 70 කදී ලකුණු 127 ජයග්‍රාහී සබඳතාවක් පැවැත්වීම ශ්‍රී ලංකා ඉනිමට ජවයක් එක් කලේය. ඒ අනුව ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 5 ක් දැවී ලකුනු 202 ක් රැස් කළ අතර ඒ අනුව ඉන්දියාව රැස් කළ ලකුනු සංඛ්‍යාව සමවීම නිසා තරගයේ තීරණය සුපිරි පන්දුාවරට බාර විය. එහිදී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ කඩුළු 2 ක් දැවී ලකුනු 2 ක් පමණක් වූ අතර ඉන්දියාව එය පහසුවෙන් පළමු පන්දුවේදීම හඹා ගියේයය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් රැස් කලේය. එය විස්සයි20 ආසියානු කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ දෙවනි වැඩිම ලකුණු සංඛ්‍යාව විය. එහි වැඩිම ලකුණු සංඛ්‍යාවද 2022 වර්ෂයේදී සනිටුහන් වන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉන්දීය කණ්ඩායම නමිනි.
එහිදී නැවතත් සාර්ථක වු අභිශේක් ෂර්මා පන්දු 31 කදී ලකුණු 61ක්ද තිලක් වර්මා නොදැවී ලකුණු 49ක්ද බැගින් රැස් කළහ.
ඉන්දියාව පන්දුවාර 20 කදී කඩුලු 5 ට 202
(අභිශේක් ෂර්මා 61, සූර්‍යකුමාර් යාදව් 12, තිලක් වර්මා නොදැවී 49, සංජු සැම්සන් 39, ආක්ෂාර් පටෙල් නොදැවී 21, චරිත් අසලංක 18/1, දසුන් ශානක 23/1, වනිදු හසරංග 37/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ට 202
(පැතුම් නිශ්ශංක 107, කුසල් පෙරේරා 58, දසුන් ශානක නොදැවී 22, ආක්ෂාර් පටෙල් 32/3, කුල්දීප් යාදව් 31/1, වරුන් චක්‍රවර්ති 31/1)
සුපිරි පන්දුවාර
ශ්‍රී ලංකාව 2/2 (පන්දු 5)
ඉන්දියාව 3/0 (පන්දු 1)
JAGATH Saturday, 27 September 2025 07:57 AM
නායකයා වෙනස් කළ යුතුයි. කමිදු මෙන්ඩිස් හොදයි.
Reply 0 0
RANDIL Saturday, 27 September 2025 08:37 AM
කොහේද කුසල් මෙන්ඩිස් ගැහුවේ...?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.