වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා මේ වසරේදී (2017) සන්ඬේ ටයිම්ස් පුවත්පත සමග අත්වැල් බැඳගැනීමට දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත් වී තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමින් ඉහළ තලයකට රැගෙනයාමේ සුවිශේෂී පියවරක් ලෙස මෙම ‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම’ තරගය හැදින්විය හැකි අතර මේ වසරේ සිට එය සන්ඬේ ටයිම්ස් - ඩයලොග්- ‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම’ ලෙස හැඳින්වේ.
මේ වසරේදීද ප්‍රධාන වශයෙන් සමස්ථ ලංකා, නැගී එන පාසල් සහ අන්තර් ජාතික පාසල් ලෙස කාණ්ඩ 3 ක් යටතේ මෙම තරගය පැවැත්වෙන අතර තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්කිරීම සඳහා මනාපය පළ කිරීමට පාඨකයන්ට අවස්ථාව ලැබේ.
වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා නිකුත් කරන කූපන් පත් ජූලි මස 2 වැනිදා දක්වා කූපන්පත් විජය පුවත්පත් සමාගමේ සන්ඬේ ටයිම්ස්, ඬේලි මිරර්, ලංකාදීප, අද සහ ඬේලි එෆ්.ටී. යන පුවත්පත් වල අන්තර්ගත වේ.
දක්ෂතම ක්‍රීඩකයන් තොරාගැනීම විශේෂඥ තේරීම් කමිටුවක අධීක්ෂණය යටතේ සිදුකෙරෙන අතර එළෙස තොරාගැනෙන සියලු ක්‍රීඩකයන් විශේෂාංග රැසකින් සමන්විත වූ සම්මාන රාත්‍රීයකදී සම්මානයට පාත්‍රවීමට නියමිතය.
වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තොරාගැනීම සඳහා මේ වසරේදී ඩයලොග් සමාගම නව තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙන අතර එහිදී www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් තමන් කැමතිම ක්‍රීඩකයාට අන්තර් ජාලය හරහා මනාප පළ කිරීමේ අවස්ථාවද පාඨකයන්ට හිමිවේ.
දක්ෂතම ක්‍රීඩකයන් තේරීමේදී අන්තර් පාසල් තරගවාරයේ පළමු කාණ්ඩය යටතේ තරග වදිණ සෑම පාසලක්ම සමස්ථ ලංකා පාසල් කාණ්ඩයට ඇතුළත් කෙරෙන අතර දෙවැනි සහ තෙවැනි කාණ්ඩ යටතේ තරග වදිණ පාසල් නැගී එන පාසල් කාණ්ඩයට ඇතුළත් කෙරේ. අන්තර් ජාතික පාසල් වෙනමම කාණ්ඩයට ඇතුළත් කෙරෙන අතර මෙම වර්ගීකරණය ජයනප්‍රිම ක්‍රීඩකයන් තේරීම සඳහාද අදාල වේ.
තම පාසල නියෝජනය කරමින් ලකුණු 400 කට වඩා රැස්කළ ක්‍රීඩකයන් සහ කඩුලු 25 කට වඩා දවාගත් ක්‍රීඩකයන් නිරායාසයෙන්ම මෙම තරගයට ඇතුළත් වේ. එම ක්‍රීඩකයන් හැරුණුකොට ජනප්‍රිම ක්‍රීඩකයා තේරීමේ තරගයට සහභාගි වීමට අවශ්‍ය සෙසු ක්‍රීඩකයන් ජනවාරි මස 8 වැනිදාත් 31 වැනිදාත් අතර www.dialog.lk/cricket වෙබ් අඩවියේ ලියාපදිංචි විම මගින් සිය සහභාගීත්වය තහවුරු කළ යුතුය.
කූපන්පත් මගින් යොමුකෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිපළය සන්ඬේ ටයිම්ස් පුවත්පතේ, සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවියේ සහ www.dialog.lk/cricket වෙබ් අඩවියේ පළ කෙරේ.
ඉකුත් වසරේ පැවැති ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී සමස්ථ ලංකා කාණ්ඩයේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පානදුර රාජකීය විදුහලේ පවන් ජයස් සම්මාන දිනාගත් අතර නැගී එන පාසල් කාණ්ඩයේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප්‍රනාන්දු සම්මාන දිනාගත්තේය.
එහිදී වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල් කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් වූ අතර ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයන් වන කොළඹ ආනන්ද විදුහලේ සම්මු අෂාන් එහි දෙවැනි ස්ථානයටද, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලේ අසිත ප්‍රනාන්දු තෙවැනි ස්ථානයටත් පත් වූහ. එවර නැගී එන පාසල් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ රසිත් උපමාල්ය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.