ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයට ඉදිරි වසර තුන සඳහා අනුග‍්‍රහය දැක්වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි. එම අනුග‍්‍රහය නිල වශයෙන් පිරිනැමීම ඉකුත්දා ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණි.
පාසල් ක‍්‍රිකට් සංගමය ඉදිරි වසර තුනක කාලයේදී මෙහෙයවන වයස 15 න්, 17 න් සහ 19 න් පහළ වයස කණ්ඩවල තරගාවලිය සඳහා සිංගර් සමාගම අනුග‍්‍රහය දක්වයි. එම තරගාවලි තුනට සහ වයස 13 න් පහළ තරගාවලියට වසරකට තරග 5,000 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක‍්‍රිකට් ආයතනය මැදිහත්වී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පැරණිතම අනුග‍්‍රහයකු වන සිංගර් සමාගම එකතු කරගත් බවයි.
මෙම අනුග‍්‍රහය පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වූ සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් මහතා පැවසුවේ මෙම අනුග‍්‍රහයත් සමග තම සමාගම ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්වලට සහාය දක්වීමට සූදාමින් සිටින බවයි.
‘‘ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම අතර 90 දශකයේ මුල් භාගයේ සිට සම්බන්ධතාව පැවතුණා, 1996 ලෝක ශූරයන්වූ ශ්‍රී ලංකා පිලට අනුග‍්‍රහය දැක්වූයේත් සිංගර් ආයතනයි’’ යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති එල්. එම්. ඞී. ධර්මසේන මහතා පැවසුවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික ක‍්‍රීඩාව බවට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පත්ව ඇති බවයි. මෙහිදී ධර්මසේන මහතා සිංහල, ඉංග‍්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම අදහස් දැක්වීය.

සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් මහතා විසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය: ගයාන් අමරසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.