Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 19න් පහළ පළමු කොටසේ කි‍්‍රකට් තරගාවලියේ පළමු වරට දින තුනකින් සමන්විතව පැවැත්වූ අවසන් මහා තරගය සිතූ පරිදි බලාපොරොත්තු සඵල නොකළ නිසා ලබන තරගවාරයේ දී එහි මුහුණුවර වෙනස් කිරීමට ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ අවධානය යොමුවී ඇතැයි එම සංගමයේ ලේකම් කපිල ජයලත් මහතා කියයි.
අවුරුදු 19න් පහළ පළමු කොටසේ කි‍්‍රකට් තරගාවලියේ මුල්ම තුන්දින අවසන් මහා තරගය අවස්ථා දෙකකදීම කල් දැමීමට සිදුවිය.
එය නැවතත් පැවැත්වීමට තීරණය කර තිබුණත් පසුව එය මුලූමනින්ම අතහැර දමා පළමුව ඇතිකරගත් එක`ගතාව පරිදි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් බම්බලපිටිය ශාන්ත පීතර විිදුහල් පිලට සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිලට සම ශූරතාව පිරිනැමිණ.
”සති ගණනාවක් තිස්සේ පැවැති වැසි සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂිත තුන්දින අවසන් තරගයට සෑහෙන්න බලපෑවා. ඒක තමයි ලොකුම කාරණාව”
”මීට අමතරව දෙවිදුහලේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු පවා මේ තරගයට හරහට හිටියා. කණ්ඩායම් දෙකේ බොහෝ ළමයි මේ වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතයි. ඒ හැරත් මෙවර තරගවාරයේ දී එයාලා කී‍්‍රඩා කළා හොඳටෝම වැඩියි” යයිද ජයලත් මහතා කීවේය.
ශ‍්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ මෙහෙයවීමෙන් සහ සිංගර් ශී‍්‍ර ලංකා සමාගමේ අනුග‍්‍රාහකත්වයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කළ අවුරුදු 19න් පහළ පළමු කොටසේ කි‍්‍රකට් තරගාවලිය නිමා කිරීමට සැලසුම් කොට තිබුණේ මේ වසරේ අපේ‍්‍රල් මස 10 වැනිදාය. මාර්තු මාසයේ අවසන් සතියේ දී ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ නිලධාරී මණ්ඩලය වෙනස්වූවත් මේ තරගාවලිය එක්දින සහ විස්සයි20 තරගාවලි මෙන්ම දිගටම කි‍්‍රයාත්මක විය.
පළමු කොටසේ කි‍්‍රකට් තරගාවලියට එක්වී සිටින බොහෝ පාසල් වාර්ෂික මහා කි‍්‍රකට් තරගවලට සම්බන්ධ වී සිටීමත්, පාසල් කි‍්‍රකට් සංගමයේ මීට පෙර සිටි නිලධාරී මණ්ඩලය විසින් මේ තරගාවලියේ දෙවැනි වටයේ මුහුණුවර වෙනස් කරනු ලැබීමත් හේතුවෙත් අර්ධ අවසන් පූර්ව වටයටත් පෙර සිටම බොහෝ අඩුලූහුඩුකම් ඇතිවිය.
අවසන් මහා තරගයට කී‍්‍රඩා කිරීමට කණ්ඩායම් 2ක් සුදුසුකම් ලබාගත්තද (ශාන්ත පීතර සහ ශාන්ත සෙබස්තියන්) වැඩි අවධානයට ලක්වූ මේ තුන්දින අවසන් තරගය දෙවතාවක්ම කල් ගියත් නොගියත් ඊට කී‍්‍රඩා කිරීමට කැමැත්තක් පෙන්වූයේ නැත.
”ප‍්‍රධාන වශයෙන් කාලගුණික තත්ත්වය හේතුකොට ගෙන අවසන් තරගය දෙවතාවක්ම කල් දැමීමට සිදුවීමෙන් පසු ශාන්ත පීතර සහ ශාන්ත සෙබස්තියන් කණ්ඩායම් දෙකම අවසන් තරගයට කී‍්‍රඩා කිරීමට අකමැත්තකුයි පෙන්වුවේ. මේ කණ්ඩායම් දෙකෙහිම කී‍්‍රඩකයන්ට අධ්‍යාපනය පැත්තෙන් බැඳීම් තිබුණා”
”වගකිවයුතු පාසල් කී‍්‍රඩා සංගමයක් විදිහට ඔවුන්ගේ ඉල්ලීමට අවධානය යොමු කිරීමට අපිට සිද්ධවුණා. අවසන් තරගයට කී‍්‍රඩා කරන්න දෙවතාවක්ම අසමත්වුණාට පස්සේ අපිට මේ හැම කෝණයකින්ම හිතා බලන්න සිද්ධවුණා. හැම දෙයක්ම සැළකිල්ලට ගත්තට පස්සෙයි අපි මේ කණ්ඩායම් දෙකම සම ශූරයන් විදිහට නම් කළේ” යයිද ජයලත් මහතා වැඩිදුරටත් පැවැසීය.
එළැඹෙන (2016x2017* තරග වාරයේ දී අවුරුදු 19 න් පහළ තරග මුහුණුවර අවුරුදු 20 න් පහළ තරගාවලියක් ලෙස වෙනස් කිරීමේ යෝජනාවකට පාසල් කි‍්‍රකට් සංගමයේ හිටපු නිලධාරී මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවක්ද වාර්තා වී තිබිණි. එහෙත් පාසල් කි‍්‍රකට් සංගමයේ නව නිලධාරී ම`ඩුල්ල මෙන්ම පාසල්වලින් අදහස් විමසා බැලූවිටද ඉන් බහුතරයක කැමැත්ත අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය එලෙසින්ම පවත්වාගෙන යාම බවද ජයලත් මහතා තහවුරු කළේය.
”අවුරුදු 19න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මුහුණුවර වෙනස් කිරීම කෙරෙහි බලපාන සෑම කාරණාවක්ම පුළුල් සැකැස්මක් ඇතිව පැහැදිලිව හා බැ?රුම් විදිහට සාකච්ඡුා කරන්න අපිට සිද්ධවුණා. ඒ අතරවාරයේ දීම අදාළ වයස් කාණ්ඩය ගැන එකිනෙකට වෙනස් අදහස් රැුසක් මතුවුණා”
”බොහෝ පාසල් අවුරුදු 20න් පහළ තරගාවලියකට කැමැතිවුණේ නෑ. ඒ අනුව එම කාරණාවත් සාකච්ඡුාවට භාජනය කළ යුතු එකක් වුණා. මීළග තරගවාරයේ සිට පිළිවෙළකට ඒ වගේම ඵලදායි තරගාවලියකට ස්ථීර වශයෙන්ම සැලසුම් කළ යුතුයි. ඒවා ඉතා ඉක්මනින්ම ගත යුතු තීරණ.” යයිද ජයලත් මහතා පැවැසීය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.