Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාසල් 179 කින් 2717 ක් තටාකයට පනිති

පාසල් 179 කින් 2717 ක් තටාකයට පනිති

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය 43 වැනි වරටත් සංවිධානය කරන ‘මයිලෝ ’පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය මේ මස 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ. තරගාවලියේ දිය පිනුම් ඉසව් මේ මස 24 සහ 25 දෙදින පැවැත්වීමට නියමිතය.


සිවු දිනක් පුරා පැවැත්වෙන තරගාවලිය වයස් කාණ්ඩ හයකින් සමන්විතවේ. වයස 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ වයස 19 න් පහළ (බාලක/බාලිකා) එම වයස් කාණ්ඩයි.


කේවළ ඉසව් 140 ක් සහ සහාය ඉසව් 24 ක් ලෙස තරග ඉසව් 164 ක් පැවැත්වෙන බව සංවිධායකවරු පවසති. වයස 13 ට අඩු වයස් සීමා ඉසව්වලදී පරිසාධන මට්ටමට ළඟාවන සහ ඊට අඩුවෙන් කාලය වාර්තා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතිකපත්‍ර පිරිනැමේ.


ක්‍රීඩකයන් 1715 ක් සහ ක්‍රීඩිකාවන් 1002 දෙනෙක් සමඟ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2717 දෙනෙක් සහභාගිවෙති. සහය කණ්ඩායම් ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 455 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. පිරිමි පාසල් 80 කින් සහ කාන්තා පාසල් 54 කින් මෙන්ම මිශ්‍ර පාසල් 45 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගිවෙති.


වයස 13 න් ඉහළ ඉසව්වල පළමු ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතිකපත් ද, පළමු ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා පදක්කම් ද පිරිනැමේ.


සෙසු වයස් සීමාවන්’හි දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම ක්‍රීඩිකාව මෙන්ම දක්ෂතම පාසලට ද කුසලාන ප්‍රදානය කෙරේ.


නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග්‍රහය දක්වන මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය මේ මස 26 වැනිදා පස්වරු 4.30 ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


පසුගිය වසරේ (2015) බාලක ශූරතාව මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය දිනාගත් අතර මහනුවර මහාමායා විද්‍යාලය බාලිකා ශූරතාව දිනා ගත්තේය.

 


අදහස් (0)

පාසල් 179 කින් 2717 ක් තටාකයට පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.