Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාවාදෙන්නන් පාවාදෙන්න අසිෆ් සූදානම්

පාවාදෙන්නන් පාවාදෙන්න අසිෆ් සූදානම්

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මුදලට තරග අවස්ථා පාවාදීම නිසා තහනමට ලක්ව සිටින පාකිස්තානු කී‍්‍රඩක මොහොමඞ් අසීෆ් එම  පාවාදීම් සඳහා සම්බන්ධ තොරතුරු හෙළිදරව් කිරීමට එකග වී සිටී. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට එම තොරතුරු හෙළිදරව් කෙරෙනු ඇත.

වසර 2010 දී එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයකදී ඔට්ටු දමන්නන්ගේ උවමනා එපාකම් අනුව තරග කිරීමට තමන් එකග වූ බව මොහොමඞ් අසීෆ් පසුගිය සතියේදී පිළිගත්තේය.

පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නියෝජිතයන්ද හමුවූ මොහොමඞ් අසීෆ්, තමන්ගේ කි‍්‍රයා පිළිවෙත ගැන සමාව අයැද සිටි අතර අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන නිලධාරීන්ට සහයෝගය දීමටද එකග විය.

බුකි කරුවන්ගේ  ඕනෑ එපාකම් මත තරග කිරීම නිසා අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් අසිෆ්ට වසර 7 ක තහනමක් පනවා එය වසර දෙකකට අත්හිටුවන ලදි. මෙම චෝදනාවට පාකිස්තානයේ හිටපු නායකයකු වන සල්මන් බට් සහ තවත් වේග පන්දු යවන්නකු වන මොහොමඞ් අමීර්ද හසු විය.

වංචාවට වැරදිකරුවන් වීම නිසා එංගලන්තයේ නීතිය අනුව මෙම තිදෙනාම එංගලන්තයේදී සිරබත් කෑවෝය.

”පාකිස්තානයේත්, අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේත් උසස් නිලධාරීන් සමග මට හැකි සෑම ආකාරයෙන්ම සහයෝගයෙන් කටයුතු කරන්න සූදානම් බව මා පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීන්ට කිව්වා” යයි මොහොමඞ් අසිෆ් රොයිටර් පුවත් සේවයට පැවසීය

 ”නැවතත් පාකිස්තානු කණ්ඩායමට කී‍්‍රඩා කරන්නට මට අවස්ථාව ලැබේවිද කියා මා දන්නේ නෑ. ඒ කෝක වුණත් මගේ කි‍්‍රයා පිළිවෙත වෙනස් කරන්නට  ඕනෑ බව හැමෝටම කියන්න මට  ඕනෑකම තියෙනවා” යයිද අසිෆ් පැවසීය.


අදහස් (1)

පාවාදෙන්නන් පාවාදෙන්න අසිෆ් සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.