Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු ලොක්කෝ තමන්ටම බෙදාගනිති

පාපන්දු ලොක්කෝ තමන්ටම බෙදාගනිති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුකුලේගඟදී රැස්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාව එහි ප්‍රධානීන්ට මාසික දීමනාවක් ගෙවීම සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය හා ප්‍රධාන ලේකම් ධුරය සඳහා සුපිරි මාසික දීමනාවක් ගෙවීමට එහිදී යෝජනා වී තිබේ.

කුකුලේගඟදී පැවැති විධායක සභා රැස්වීමේදී පාපන්දු සම්මේලනයේ කලාපීය සංවර්ධන කමිටුවේ සාමාජික ආර්. ප්‍රවේන්ද්‍රන් මහතා ඉදිරිපත් කළ බව කියන යෝජනාවක් සම්මේලනයේ යොවුන් සංවර්ධන කමිටුවේ සාමාජික හර්ලි සිල්වේරා මහතා විසින් ස්ථිර කරන ලදි. ඒ සමඟ මෙතැන් පටන් පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය හා ප්‍රධාන ලේකම් ධුරය දරන්නන් සඳහා සුපිරි දීමනාවක් ගෙවීමට අනුමැතිය ලැබී තිබේ.

පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා සහ ලේකම් යූ. එල්. ජස්වාර් මහතා මේ වනවිට පාපන්දු සම්මෙලනයේ වියදමින් මෝටර් රථ දෙකක් වසර කීපයක් තිස්සේ පාවිච්චි කරති.

සෙනසුරාදා (24) පැවැති පාපන්දු විධායක සභාවේදී එහි ප්‍රධානීන් දීමනා ලබා ගැනීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව පසුව අදහස් දක්වා තිබෙන විධායක සභාවේම පිරිසක් නිලවරණයකින් පත්වන නිලධාරීන් ගරු සේවයේ නිරතවන්නන් ලෙස අවධාරණය කෙරෙන බැවින් මෙසේ සිය ධුර සඳහා දීමනා ලබා ගැනීමට ගෙන තිබෙන තීරණය ප්‍රශ්නකාරී වන බව පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් “ලංකාදීප”යට අදහස් දැක්වූ පාපන්දු ලීගයක ප්‍රධානියකු පැවැසුවේ මේ වනවිට පාපන්දු සම්මේලනය සිය ප්‍රාදේශීය සංගම් (ලීග) සඳහා කළ වාර්ෂික ගෙවීම් ද අත්හිටුවා තිබියදී ගරු සේවයකට පැමිණි එහි ප්‍රධානීන් දීමනා ලබා ගැනීමට සැරැසීම අනුමත කළ නොහැකි බවයි.

1939 දී “ලංකා පාපන්දු සංගමය” ලෙසින් ඇරැඹි පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය බවට පත්වූ එම සම්මේලනයට ආසියානු පාපන්දු සමුළුවෙන් සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අරමුදල් ලැබෙන්නේ 1998 සිටය.

එදා සිට මනිලාල් ප්‍රනාන්දු, බෝධි ලියනගේ, තිළිණ පණ්ඩිතරත්න, ගාමිණී රන්දෙණි, හර්ලි සිල්වේරා, රියර් අද්මිරාල් සරත් වීරසේකර හා රංජිත් රුද්‍රිගු යන මහත්වරු පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයේ කටයුතු කර තිබේ.

කෙසේ වුවත් පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරී, පරිපාලන ලේකම් ආදී වැටුප් ලබන තනතුරු කීපයක් එහි මීට පෙර ස්ථාපිත වී තිබුණි. ඒ අතර නිලවරණයෙන් පත්වූ ඇතැම් නිලධාරීන්ද මීට පෙර සම්මේලනයේ ස්ථාපිතව තිබූ ඇතැම් පාලන කාලයන් තුළදී නිල නොවන ආකාරයෙන් දීමනා හා ගෙවීම් ලබා තිබෙන බව පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා සම්මේලනයේ එකල කටයුතු කළ ඇතැම් ප්‍රධානීන් සිය පෞද්ගලික මුදල් ද යොදවා තිබූ බව සඳහන් වේ. ඒ අතර පාපන්දු සම්මේලනයේ විධායක සභිකයන් කීපදෙනකු “ලංකාදීප”යට පැවැසුවේ නිලවරණයකින් පත්ව ගරු සේවයට පැමිණෙන ජාතික ක්‍රීඩා සංගම් වැනි ක්‍රීඩා සංවිධානවල නිලධාරීන් දීමනා හෝ ගෙවීම් ලබා ගැනීමට උනන්දු වීම හුදු නීතිමය ප්‍රශ්නයකට වඩා සදාචාරාත්මක ප්‍රශ්නයක් ලෙස ඉස්මතුව පෙනෙන බවයි.

 


අදහස් (0)

පාපන්දු ලොක්කෝ තමන්ටම බෙදාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.