Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී වැඩිම පිරිසකගේ අවධානය යොමුව තිබූ තරගය වූ ඉන්දු - පාකිස්තාන තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රවින්ද්‍ර ජදේජා (35) සහ හර්දීක් පාණ්ඩ්‍යා (නොදැවී 33) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පන්දු 29 කට මුහුණදුන් ජදේජා හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 17 කදී වාර්තා වූ පාණ්ඩාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. අවසන් ඕවරයේ පළමු පන්දුවේදී ජදේජා දැවී ගියද ඉන් ඉන්දියාවේ ජයග්‍රහණයට කිසිදු බාධාවක් ඇති නොවීය.
ජදේජා සහ සූර්යකුමාර් යාදව් (18) අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 36 කට සීමා කිරීමට නසීම් ෂා සමත් වූයේ සූර්යකුමාර්ගේ කඩුල්ල බිඳ දමමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි පාණ්ඩ්‍යා තමා මුහුණදුන් මුල් පන්දු කිහිපයේදී ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළද, ඉනිමේ අවසන් පන්දු කිහිපයේදී ලකුණු ලබාගැනීම වේගවත් කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
සිය මංගල විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ නසීම් ෂා තමා යැවූ දෙවැනි පන්දුවේදීම ලෝකේෂ් රාහුල්ගේ කඩුල්ල බිඳ දැමීමට සමත් විය. මොහොමඩ් නවාස්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට නායක රෝහිත් ශර්මාට පන්දු 18 කදී ලබාගත හැකිව තිබුණේ ලකුණු 12 ක් පමණි. තම ක්‍රීඩා දිවියේ 100 වැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ විරාට් කෝලි, පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි. බිඳවැටුණ කඩුලු 10 ටම හිමිකම් කීමට ඉන්දීය වේග පන්දු යවන්නෝ සමත් වූහ. පාකිස්තාන මුල් පිතිකරුවන් 5 දෙනාම දැවී ගියේ ඉන්දීය පන්දු යවන්නන් විසින් උරහිසට ඉහළින් යොමුකරන ලද පන්දු හමුවේ වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 15 ක්ව තිබියදී පාකිස්තාන නායක බාබර් අසාම් ලකුණු 10 කට දවාගත් බුවනේෂ්වර් කුමාර්, ආරම්භයේදීම පාකිස්ථාන කණ්ඩායම දැඩි පීඩනයකට පත් කළේය. අවේෂ් ඛාන්ගේ පන්දුවක් කඩුලු රකින්නා අතට පත්වීමට පෙර තමාගේ පිත්තේ වැදුණ බව පිළිගනිමින් ෆකාර් සමාන් ක්‍රීඩාගාරය බලා යෑමත් සමග එම පීඩනය තවත් වැඩි විය.
ඉෆ්තිකාර් අහමඩ් (28) සමග එක්ව සිය කණ්ඩායම පීඩනයෙන් මුදවාගත් ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්, පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 38 කදී ලකුණු 45 ක් සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. එහෙත් ලකුණු 10 ක් තුළ ඔවුන් දෙදෙනා පමණක් නොව කුෂ්දිල් ෂාද පිටියෙන් ඉවත් කළ හර්දීක් පාණ්ඩ්‍යා, යළිත් වරක් පාකිස්තානය අසීරු තත්ත්වයකට ඇද දැමුවේය.
ඉන් අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන්ට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් ලබා නොදුන් බුවනේෂ්වර් සහ අර්ෂ්දීප් සිං, ලකුණු 16 ක් තුළ කඩුලු 4 ක් බිඳහෙළමින් පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 128 කට කඩුලු 9 ක් බවට පත් කළහ. කෙසේ වුවත් අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි ශානවාස් දහානි, පන්දු 6 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 16 ක් රැස්කරමින් සිය කණ්ඩායම 150 සීමාව ආසන්නයට ගෙන ගියේය.
පාකිස්තානය
මොහොමඩ් රිස්වාන් - ඇ.අවේෂ් ප.පාණ්ඩ්‍යා 43
බාබර් අසාම් - ඇ.අර්ෂ්දීප් ප.බුවනේෂ්වර් 10
ෆකාර් සමාන් - ඇ.කාර්තික් ප.අවේෂ් 10
ඉෆ්තිකර් අහමඩ් - ඇ.කාර්තික් ප.පාණ්ඩ්‍යා 28
කුෂ්දිල් ෂා - ඇ.ජදේජා ප.පාණ්ඩ්‍යා 2
ශදාබ් ඛාන් - ක.මු. කළා ප.බුවනේෂ්වර් 10
අසීෆ් අලී - ඇ.යාදව් ප.බුවනේෂ්වර් 9
මොහොමඩ් නවාස් - ඇ.කාර්තික් ප.අර්ෂ්දීප් 1
හාරිස් රවුෆ් - නොදැවී 13
නසීම් ෂා - ක.මු. කළා ප.බුවනේෂ්වර් 0
ශානවාස් දහානි - ප.අර්ෂ්දීප් 16
අතිරේක 5
එකතුව ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 147
කඩුලු වැටීම :
1-15(බාබර්), 2-42(ෆකාර්), 3-87(ඉෆ්තිකර්), 4-96(රිස්වාන්), 5-97(කුෂ්දිල්), 6-112(අසීෆ්), 7-114(නවාස්), 8-128(ශදාබ්), 9-128(නසීම්), 10-147(ශනවාසන්)
පන්දු යැවීම :
බුවනේෂ්වර් කුමාර් 4-0-26-4, අර්ෂ්දීප් සිං 3.5-0-33-2, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-25-3, අවේෂ් ඛාන් 2-0-19-1, යුස්වේන්ද්‍ර චාහල් 4-0-32-0, රවින්ද්‍ර ජදේජා 2-0-11-0
ඉන්දියාව
රෝහිත් ශර්මා - ඇ.ඉෆ්කාර් ප.නවාස් 12
ලෝකේෂ් රාහුල් - ප.නසීම් 0
විරාට් කෝලි - ඇ.ඉෆ්කාර් ප.නවාස් 35
රවින්ද්‍ර ජදේජා - ප.නවාස් 35
සූර්යකුමාර් යාදව් - ප.නසීම් 18
හර්දීක් පාණ්ඩ්‍යා - නොදැවී 33
දිනේෂ් කාර්තික් - නොදැවී 1
අතිරේක 14
එකතුව ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී 148
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
බුවනේෂ්වර් කුමාර්, අවේෂ් ඛාන්, යුස්වේන්ද්‍ර චාහල් සහ අර්ෂ්දීප් සිං
කඩුලු වැටීම :
1-01(ලෝකේෂ්), 2-50(රෝහිත්), 3-53(කෝලි), 4-89(සූර්යකුමාර්), 5-141(ජදේජා)
පන්දු යැවීම :
නසීම් ෂා 4-0-27-2, ශානවාස් දහානි 4-0-29-0, හාරිස් රවුෆ් 4-0-35-0,
ශදාබ් ඛාන් 4-0-19-0, මොහොමඩ් නවාස් 3.4-0-33-3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.