
ආරම්භක පිතිකරු සහිබඩ්සා ෆර්හාන්ගේ (නොදැවී 100) ශතකයෙන් සවිමත් වූ පාකිස්තානුවෝ කිසිදු අපහසුතාවකින් තොරවම නැමීබියාව පරාජය කරමින් ලකුණු 102 ක පහසු ජයක් අත්කර ගත්තේය. කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (18 වැනිදා) පැවති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් පාකිස්තානු කණ්ඩායම ද ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම නියමිත ඕවර 20 දී කඩුලු 3 ක් දැවී ලකුණු 199 ක් ලබාගත්තේය. උස්මන් තරීක්ගේ (16/4) සහ ශදාබ් ඛාන් (19/3) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ නැමීබියානුවෝ ලකුණු 97 කට දැවී ගියහ.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 3 ට 199 යි
(සහිබඩ්සා ෆර්හාන් නොදැවී 100, සයිම් අයුබ් 14, සල්මන් අඝා 38, ශදාබ් ඛාන් නොදැවී 36, ජැක් බ්‍රසල් 48/2)
නැමීබියාව - ඕවර 17.3 කදී සියලු දෙනා දැවී 97 යි
(ලෝරන් ස්ටීන්කෙම්ප් 23, ඇලෙක්සැන්ඩර් බුෂ්-වොල්සෙන්ක් 20, උස්මන් තරීක්ගේ 16/4, ශදාබ් ඛාන් 19/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.