Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට ලකුණු 9 ක තියුණු ජයක්
කොදෙව් පිලේ පාකිස්තාන සංචාරය

පාකිස්තානයට ලකුණු 9 ක තියුණු ජයක්

editorial - 2021 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කරච්චි නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 කි‍්‍රකට් තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමටද පාකිස්තානයට හැකි විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට ශහීන් අෆ්රිඩි ප‍්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ  ඕවර 20 අවසන් වන විට සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. එහිදී අෆ්රිඩි ලකුණු 26 කට කඩුලූ 3 දවාගත් අතර මොහොමඞ් නවාස්, මොහොමඞ් වසීම් සහ හාරිස් රවුෆ් කඩුලූ 2 බැගින් බිඳහෙළමින් කොදෙව් කණ්ඩායමේ ජයග‍්‍රාහී මඟ අවහිර කළහ.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ බ්‍රෙන්ඩන් කිං පන්දු 43 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 67 ක් රැස්කළේය. නායක නිකලස් පූරන් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද, රොමාරියෝ ශෙපර්ඞ් පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 35 ක්ද රැුස්කළ නමුත් ඔවුන් කිසිවකුට කොදෙව් කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 172 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක පිතිකරු මොහොමඞ් රිස්වාන් පන්දු 30 කින් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. හයිඩර් අලී පන්දු 34 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 31 ක්ද, ඉෆ්තිකාර් අහමඞ් පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 32 ක්ද රැස්කිරීමට සමත් වූහ.

ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී පන්දු 12 කට මුහුණදුන් ශදාබ් ඛන් එහිදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 28 ක් රැුස්කරමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූවේය.


පාකිස්තානය -  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 172
(මොහොමඩ් රිස්වාන් 38, හයිඩර් අලී 31, ඉෆ්තිකාර් අහමඞ් 32, ශදාබ් ඛාන් නොදැවී 28, ඔඬේන් ස්මිත් 24/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල -  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 163
(බ්‍රෙන්ඩන් කිං 67, නිකලස් පූරන් 26, රොමාරියෝ ශෙපර්ඞ් නොදැවී 35, ශහීන් අෆ්රිඩි 26/3, මොහොමඞ් නවාස් 36/2, මොහොමඞ් වසීම් 39/2, හාරිස් රවුෆ් 40/2)

-036

 


අදහස් (0)

පාකිස්තානයට ලකුණු 9 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.