Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

editorial - 2021 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවුමාන් අලී (35/5) සහ යසීර් ෂාගේ (79/4) දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 245 කට සීමාවිය. ලකුණු 89 ක පහසු ඉලක්කයක් හඹාගිය පාකිස්තානය, කරච්චිහිදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 7 ක ජයක්ග්‍රහණයක් හිමිකර ගැනීමට අද (29 වැනිදා) සමත්විය.

ඒ අනුව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත මෙම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණගත් පාකිස්තානය ප්‍රසාද ලකුණු 60 ක් හිමිකර ගත්තේය.

පාකිස්තානු පිතිකරුවන් ලකුණු 89 ක පහසු ඉලක්කයක් හඹාගියද දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ දැඩි පීඩනයක් එල්ල කරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූහ. අසාර් අලී නොදැවී ලකුණු 31 ක් ලබාගනිමින් පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර බාබර් අසාම් ලකුණු 30 ක් ලබාගත්තේය.

තෙවැනි දිනය වූ බ්‍රහස්පතින්දා (28 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 187 ක් රැස්කරගෙන සිටි දකුණු අප්‍රිකානුවන්ට අද දිනයේදී ඉතිරි කඩුලු 6 අහිමිකර ගනිමින් රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 58 ක් පමණි. මුරකරු පිතිකරුවා ලෙස ඊයේ පන්දුවට පහරදීමට පැමිණි කේෂව් මහරාජ් අද දිනයයේ යැවූ පළමු පන්දුවෙන්ම දවාගැනීමට හසන් අලී සමත්විය. තවත් ලකුණු 5 ක් දකුණු අප්‍රිකානු ඉනිමට එක්වනවිට 6 වැනි කඩුල්ල ලෙස නායක ක්වින්ටින් ඩි‘කොක් දැවී ගියේය. යසීර් ෂාගේ පන්දුවක් හමුවේ අබිඩ් අලී අතට උඩපන්දුවක් දුන් ඩි‘කොක් දැවී යනවිට රැස්කර සිටියේ ලකුණු 2 ක් පමණි.

හත්වැනි කඩුල්ල සඳහා ටෙම්බා බවුමා සහ ජෝර්ජ් ලින්ඩේ ලකුණු 42 ක සම්බන්ධතාවයක් පැවැත්වුවද ලකුණු 11 ක් රැස්කර සිටියදී ලින්ඩේ දැවීයාමත් සමගින් දකුණු අප්‍රිකානු පිල ආඝාදයටම වැටුණි. හත්වැනි කඩුල්ලේ සිට අවසන් කඩුලු 4 දවාගත් නවුමාන් අලී දකුණු අප්‍රිකානු පිලට තවත් ලකුණු 11 ක් එක්වන විට ඔවුන්ගේ දෙවැනි ඉනිම අවසන් කිරීමට සමත්විය.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ වමතින් දඟපන්දු යවන නවුමාන් අලී දෙවැනි ඉනිමේ ලබාගත් කඩුලු 5 ත් සමගින් ලකුණු 73 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - සියලුදෙනා දැවී 220
(ඩීන් එල්ගා 58, ෆෆ් ඩු ප්ලෙසිස් 23, ජෝර්ජ් ලින්ඩේ 35, කගිසෝ රබාඩා නොදැවී 21, යසීර් ෂා 54/3, නවුමාන් අලී 38/2, සහීන් ෂා අෆ්රිඩි 49/2)

පාකිස්තානය - පළමු ඉනිම - සියලුදෙනා දැවී 378
(අසාර් අලී 51, ෆවාඩ් අලාම් 109, මොහොමඩ් රිස්වාන් 33, ෆහීම් අෂ්රාෆ් 64, හසන් අලී 21, නවුමාන් අලී 24, යසීර් ෂා නොදැවී 38, කගිසෝ රබාඩා 70/3, කේෂව් මහරාජ් 90/3, ලුන්ගි න්ගිඩ් 57/2, ඇන්රිච් නෝයේ 105/2)

දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 245
(ඒඩ්න් මාක්‍රම් 74, ඩීන් එල්ගා 29, රාසි වැන්ඩර්ඩසන් 64, ටෙම්බා බවුමා 4, යසීර් ෂා 79/4, නවුමාන් අලී 35/5)

පාකිස්තානය - දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 90
(අසාර් අලී නොදැවී 31, බාබර් අසාම් 30, ඇන්රිච් නෝයේ 24/2)


 

- 2079

 


අදහස් (0)

පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.