Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පෙරහුරු තරගයේ පළමු දිනය වූ අද (11 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් ලබා සිටියේය.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට සෞද් ශකීල් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 30 ක්ද, අඝා සල්මාන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 43 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව පාකිස්තාන ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 71 කි.
මුලු ලකුණු සංඛ්‍යාව 3 ක් වන විට පාකිස්ථාන ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් නායක අසාර් අලී (43) සමග එක්වූ බාබර් අසාම් (88) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
බාබර්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත වූ අතර අසාර් අලී ලකුණු රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. ෆාවඩ් අලාම් හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද, මොහොමඩ් රිස්වාන් හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද රැස්කරමින් පාකිස්තාන ඉනිම ගොඩනැගූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මනසිංහ ලකුණු 83 කට කඩුලු 3 ක් දවාගනිද්දී, වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 83 කට කඩුලු 2 ක් බිඳහෙළීය. සෙසු කඩුලු 2 වේග පන්දු යවන්නන් වන දිල්ෂාන් මධුෂංක සහ ප්‍රමෝද් මධුෂාන් අතරේ බෙදී ගියේය.
පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 7 කට 277
(අසාර් අලී 43, බාබර් අසාම් 88, ෆාවඩ් අලාම් 22, මොහොමඩ් රිස්වාන් 31, සෞද් ශකීල් නොදැවී 30, අඝා සල්මාන් 43, ලක්ෂිත මනසිංහ 83/3, ලසිත් ඇඹුල්දෙණිය 83/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.