Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය අවසන් මහ තරගයට

පාකිස්තානය අවසන් මහ තරගයට

Nisanka Sandeepani - 2017 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස එංගලත්තය සහ පාකිස්තානය අතර කාඩිෆ්හිදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කරගත් පාකිස්තානය තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

එංගලන්තය 
ජොනී බෙයාස්ටෝ ඇ. හෆීස් ප. අලි 43
ඇලෙක්ස් හේල්ස් - ඇ. බාබර් ප. රුම්මන් 13
ජෝ රූට් - ඇ. සෆ්රාස් ප. ශඩාබ් 46
ඔයින් මෝගන් - ඇ. සෆ්රාස් ප. අලි 33
බෙන් ස්ටොක්ස් - ඇ. හෆීස් ප. අලි 34
ජොස් බට්ලර් - ඇ. සෆ්රාස් ප. ජුනයිඩ් 4
මුයින් අලී - ඇ. සමාන් ප. ජුනයිඩ් 11
ආදිල් රෂිඩ් - දුවද්දී දැවී ගියා  7
ලයෑම් ප්ලන්කට් - ඇ. අසාර් ප. රුම්මන් 9
මාර්ක් වුඩ් -  දුවද්දී දැවී ගියා  3
ජේක් බෝල් - නොදැවී  2
අතිරේක (පා-1, ව-3, නි-2) 6
එකතුව ඕවර 49.5 කදී සියලුදෙනා දැවී     211
කඩුලු වැටීම 
1-34 (හේල්ස්), 2-80 (බෙයාස්ටෝ), 3-128 (රූට්), 4-141 (මෝගන්), 5-148 (බට්ලර්), 6-162 (අලී), 7-181 (රෂිඩ්), 8-201 (ස්ටොක්ස්), 9-206 (ප්ලන්කට්), 10-211 (වුඩ්)
පන්දු යැවීම
ජුනයිඩ් ඛාන්   8.5-0-42-2 නි-1
රුම්මන් රායීස්  9-0-44-2 ව-2
ඉමාඩ් වසීම් 5-0-16-0  
ශඩාබ් ඛාන් 9-0-40-1  
හසන් අලී  10-0-35-3 නි-1, ව-1
මොහොමඞ් හෆීස් 8-0-33-0  
පාකිස්තානය 
අසාර් අලී - ප. බෝල් 76
ෆාකර් සමාන් - ස්ට. බට්ලර් ප. රෂිඩ් 57
බාබර් අසාම් - නොදැවී  38
මොහොමඞ් හෆීස් - නොදැවී 31
අතිරේක (පා-1, ව-11, නි-1) 13
එකතුව ඕවර 37.1 කදී කඩුලු 2 ක් දැවී     215
කඩුලු වැටීම 
1-118 (ෆාකර්), 2-173 (අසාර්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
සෆ්රාස් අහමඩ් (නායක), ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, රුම්මන් රායීස්, ශඩාබ් ඛාන්, හසන් අලී සහ ජුනයිඩ් ඛාන්  
පන්දු යැවීම
මාරක් වුඩ් 8-1-37-0 ව-2
ජේක් බෝල්  8-0-37-1 ව-2
බෙන් ස්ටොක්ස්  3.1-0-38-0 ව-2, නි-1
ලයෑම් ප්ලන්කට් 6-0-33-0  
ආදිල් රෂිඩ් 10-0-54-1 ව-1
මුයින් අලී  2-0-15-0  

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 37.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 42 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ බාබර් අසාම් (නොදැවී 38) සහ මොහොමඞ් හෆීස් (නොදැවී 31) පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරු යුගළය අසාර් අලී (76) සහ ෆඛාර් සමාන් (57) පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩි තාලමක් දැමූහ. පන්දු 100 කදී වාර්තා වූ අසාර් අලීගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 58 කදී වාර්තා වූ ෆඛාර් සමාන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඞ්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ ලකුණු 211 කට සීමා කිරීමට පාකිස්තාන පන්දුයවන්නෝ සමත් වූහ.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජෝ රූට් පන්දු 52 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 46 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු (43) ජොනී බෙයාස්ට්‍රෝ සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රූට්, නායක ඔයින් මෝගන් (33) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ උත්සාහයක නිරත විය.

එංගලන්ත කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු 10 න් 7 කටම හිමිකම් කීමට පාකිස්තාන වේග පන්දුයවන්නෝ සමත් වූහ. එහිදී හසන් අලී කඩුලු 3 ක්ද, ජුනේඞ් ඛාන් සහ රුම්මන් රායීස් කඩුලු 2 බැගින්ද දවාගනිමින් එංගලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සිය දායකත්වය සැපයූහ.

පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධානම වේග පන්දුයවන්නා වන මොහොමඞ් අමීර් පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළේය.

 

- 036

 


අදහස් (0)

පාකිස්තානය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.