වසර හයකට ඉහතදී (2009 මාර්තු 3 වැනිදා) පාකිස්තානයේ ලාහෝර් නුවර ටෙස්ට් තරගයකට සහභාගි වීමට යමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම ගමන් ගත් බස්රියට එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හේතුවෙන් සම්පූර්ණයෙන්ම නතර වී තිබූ පාකිස්තානයේ අන්තර්ජාතික කි‍්‍රකට් තරග නැවතත් ආරම්භ වී තිබේ.
සිම්බාබ්වේ පිල සහ පාකිස්තානු පිල අතර අද (22 වැනිදා) ලාහෝර් නුවරදී පැවැති පළමු වැනි විස්සයි:20 තරගය වෙනුවෙන් ආරක්‍ෂක නිලධාරීන් 4000 කට වැඩි පිරිසක් යොදවා තිබූ නමුත් තරගය සඳහා සහභාගි වූ කණ්ඩායම් දෙකට සුබපැතීමට පාකිස්තානු ජනාධිපතිනි මම්නූන් හුසේන් මහතාද පැමිණ සිටියේය.
පාකිස්තානු සහ සිම්බාබ්වේ කණ්ඩායම් පිටියට පිවිසියේ අලංකාර මල්වෙඩි වරුසාවක් මැදිනි. එසේ වුවත් ආරක්‍ෂක තත්ත්වය සොයා බලමින් පාකිස්තානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ලාහෝර් කී‍්‍රඩාංගණය වටා රවුම් ගසමින් තිබිණ.
වසර 2009 සිට පාකිස්තානයේ කි‍්‍රකට් තරග නොපැවැත්වීමෙන් පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයට සිදුවූ පාඩුව ඩොලර් මිලියන 120 ක් පමණ වේ. ඊට විශාලතම හේතුවක් වූයේ ඔවුන් පාකිස්තානයේදී පැවැත්විය යුතු තරග පැවැත්වීම සඳහා වෙනත් රටවල් යොදාගත යුතු වීමයි. ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යෙදා ගැණින.
එහි ඇති මූල්‍යමය පාඩුවට වඩා පාකිස්තානු කණ්ඩායමේ සිටින තරුණ කී‍්‍රඩකයන් වන උමාර් අක්මාල්, අසාර් අලි සහ අසාඞ් ෂෆීක් වැනි කී‍්‍රඩකයන් මේ වන විට එක්දින තරග 50 කට වැඩි සංඛ්‍යාවකට කී‍්‍රඩා කර ඇති නමුත් සිය මවුබිමේදී එකම අන්තර්ජාතික තරගයකට හෝ සහභාගි වී නැත.
පාකිස්තානය සහ සිම්බාබ්වේ පිල අතර අද පැවැති විස්සයි:20 තරගය නැරඹීම සඳහා ලාහෝරයේ ගඩාෆි කී‍්‍රඩාංගණයට අති විශාල ජනකායක් පැමිණ සිටි අතර එම පිරිස හසුරුවා ගැනීමට විශේෂ පොලිස් ඒකක යොදවා තිබිණ.
රාජ්‍ය නායකයකුට හිමිවන තරමේ විශාල ආරක්‍ෂක බලඇණියක් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් යොදවා තිබිණ. පාකිස්තානයේ එකම අරමුණ වන්නේ මෙම තරගාවලිය කිසිදු අහිතකර සිදුවීමකින් තොරව පවත්වාගැනීමයි. එමගින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වෙනත් ජාතීන් පාකිස්තානයට ගෙන්වාගත හැකි වෙතැයි පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය අදහස් කරයි.
පසුගිය සතියේ කරච්චියේදී සිදුවූ ප‍්‍රහාරයකින් බස්රියක ගමන්ගත් 45 දෙනකු මියයාමත් සමගම සිම්බාබ්වේ පිලේ පාකිස්තානු සංචාරය නැවතත් අවිනිශ්චිත වූ නමුත් දින දෙකකට පසුව පාකිස්තානයේ සංචාරය කිරීමට සිම්බාබ්වේ කි‍්‍රකට් ආයතනය එකග විය.
මෙම සංචාරයට විස්සයි:20 තරග දෙකක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.