සංචාරක පාකිස්තානු පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කුල්නාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (29) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 227 ක් රැස්කර සිටියේය.
දිනය අවසන් වන විට මොහොමඞ් හෆීෂ් (නොදැවී 137) සහ අෂාර් අලී (නොදැවී 65) පන්දුවට පහර දෙමින් සිටිති.
මොහොමඞ් හෆීෂ් පන්දු 179 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 137 ක් ලබා සිටින අතර මෙය හෆීෂ්ගේ 8 වැනි ටෙස්ට් ශතකයයි.
පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 236 ක් රැස්කර සිටි බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 332 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ.
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 120 කදී සියලූ දෙනා දැවී 332
(තමිම් ඉක්බාල් 25, ඉම්රුල් කායිස් 51, මොමිනුල් හක් 80, මහුමුදුල්ලා 49, ශකීබ් අල් හසන් 25, මුෂ්ෆිකුර් රහීම් 32, සෞම්‍ය සර්කර් 33, වහබ් රියාස් 55/3, මොහොමඞ් හෆීෂ් 47/2, ෂුල්ෆිකාර් බාබාරා 99/2, යසීර් ෂා 86/3)
පාකිස්තානු පිල පළමු ඉනිම ඕවර 58 කදී කඩුලූ 1 ට 227
(මොහොමඞ් හෆීෂ් නොදැවී 137, සමි අස්ලාම් 20, අෂාර් අලී නොදැවී 65)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.