ඉන්දියාවේදී 2016 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලිය තෙක් පාකිස්තාන විස්සයි20 කි‍්‍රකට් කණ්ඩායමේ නායකයා ලෙස සහිඞ් අෆ්රිඩි නම් කිරීමට පාකිස්තානු කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මේ වසරේ බංගලාදේශයේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය දක්වාත්, ඉන් පසුවත් පාකිස්තාන විස්සයි20 පිලේ නායකත්වය දැරූ මොහොමඞ් හෆීස්ට, කණ්ඩායම මෙහෙයවීම සඳහා අෆ්රිඩි ලබාදුන් සහයෝගය ඔහුගේ මෙම පත්කිරීමට හේතුවී තිබේ.
මේ වන විට 34 වැනි වියේ පසුවන අෆ්රිඩි, 2009 වසරේ අගෝස්තු මාසයේ සිට 2011 වසරේ අපේ‍්‍රල් මාසය දක්වා කාල සීමාව තුළ විස්සයි20 තරග 19 කදී පාකිස්තාන පිල මෙහෙයවා ඇත. ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තාන පිල තරග 8 ක් ජයගෙන තිබෙන අතර තරග 11 ක් පරාජයට පත්වී තිබේ.
ගෙවී ගිය වසර තුළ විස්සයි20 තරග 11 සහභාගිවී ඇති අෆ්රිඩි, ලකුණු 173 ක් රැුස්කරගෙන ඇති අතර කඩුලූ 10 ක් දවාගෙන තිබේ. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සමාන්‍ය 26.80 ක් වන අතර පන්දුවට පහරදීමේ වේගය පන්දු 100 කින් ලකුණු 150 කි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.