Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු විස්සයි-20 තරගයේ ජය බංග්ලාදේශයට

පළමු විස්සයි-20 තරගයේ ජය බංග්ලාදේශයට

editorial - 2023 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව චැටෝග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය (9 වැනිදා) ඊයේ සමත් විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද බංග්ලාදේශයට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ, ඕවර 18 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. සකීබ් අල් හසන් පන්දු 24 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 34 ක්ද, අෆීෆ් හොසේන් පන්දු 12 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 15 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ලකුණු 43 ක් වන විට බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුවද, වේගවත් පිතිහරඹයක නිරත වූ නජ්මුල් හොසේන් පන්දු 30 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 51 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට ඕවර 20 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 42 කින් ලකුණු 67 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.


එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 6 කට 156
(පිලිප් සෝල්ට් 38, ජොස් බට්ලර් 67, බෙන් ඩකට් 20, හසන් මහමුද් 26/2)

බංග්ලාදේශය - ඕවර 18 කදී කඩුලු 4 කට 158
(රොනී ටලුක්දාර් 21, නජ්මුල් හොසේන් 51, තව්හිද් රිදෝයි 24, සකීබ් අල් හසන් නොදැවී 34, අෆීෆ් හොසේන් නොදැවී 15)


අදහස් (0)

පළමු විස්සයි-20 තරගයේ ජය බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.