Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු විස්සයි-20 තරගයේ ජය ඉන්දියාවට
කොදෙව් පිල ඉන්දීය සංචාරය

පළමු විස්සයි-20 තරගයේ ජය ඉන්දියාවට

editorial - 2022 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 48 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ සූර්යකුමාර් යාදව් (නොදැවී 34) සහ වෙන්කටේෂ් අයියර් (නොදැවී 24) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. 

එහිදී පන්දු 18 කට මුහුණදුන් යාදව් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගද, පන්දු 13 කට මුහුණදුන් අයියර් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගද ලකුණු රැස්කළහ. පන්දු 19 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළ නායක රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. 

ඉෂාන් කිෂන් (35) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්මා සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක්ද දැමුවේය. පන්දු 42 කදී වාර්තා වූ කිෂන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. හිටපු නායක විරාට් කෝලිට හතරේ පහරක් සමග පන්දු 13 කදී ලබාගත හැකි වූයේ ලකුණු 17 ක් පමණි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබාගත් අතර කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නිකලස් පූරන් පන්දු 43 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 61 ක් රැස්කළේය. කයිල් මේයර්ස් පන්දු 24 කදී ලකුණු 31 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි.

කොදෙව් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නායක කිරන් පොලාඩ් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු ලකුණු 24 ක් රැස්කළේය. සිය මංගල විස්සයි-20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ රවී බිෂ්නෝයි ඕවර 4 ක් යවා ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.  

ඉන්දියාව - ඕවර 18.5 කදී කඩුලු 4 කට 162 
(රෝහිත් ශර්මා 40, ඉෂාන් කිෂන් 35, විරාට් කෝලි 17, සූර්යකුමාර් යාදව් නොදැවී 34, වෙන්කටේෂ් අයියර් නොදැවී 24, රොස්ටන් චේස් 14/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 157 
(කයිල් මේයර්ස් 31, නිකලස් පූරන් 61, කිරන් පොලාඩ් නොදැවී 24, රවී බිෂ්නොයි 17/2, හර්ෂාල් පටේල් 37/2) 

-036


අදහස් (0)

පළමු විස්සයි-20 තරගයේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.