ශ‍්‍රී ලංකා පාසල් ජල ක‍්‍රීඩා සංගමය 43 වැනි වරටත් සංවිධානය කරන ‘මයිලෝ ’පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ පළමු දිනය වු අද (23) නව තරගාවලි වාර්තා අටක් පිහිටුවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.
සිංගප්පුරුවේදී පසුගියදා පැවැති ආසියානු පාසල් පිහිනුම් තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් දිනාගත් අකලංක පීරිස්, 17 න් පහළ මීටර 50 සමනල ආර බාලක ඉසව්ව (තත්පර 26.08) නව තරග වාර්තාවක් පිහිටුවමින් ජය ලැබීය.
2013 වසරේදී චෙරන්ත ද සිල්වා පිහිටුවා තිබු වාර්තාව (තත්පර 26.11) අකලංක විසින් මෙලෙස බිද දමන ලදී.
විශාඛා විදුහලේ රමුදි සමරකෝන් වසර අටක් පැරණි වර්තාවක් බිද දැමීමට සමත්වුවාය. රමුදි මෙම දස්කම දැක්වුයේ 15 න් පහළ මීටර 200 ළය ආර බාලිකා ඉසව්ව වි.2.තත්පර 51.06 කින් අවසන් කරමිනි.
2008 වසරේදී ගිහාරා අමරසිංහ (වි.2.තත්.55.53) පෙර වාර්තාව පිහිටුවා තිබිණි.
වයස 15 න් පහළ බාලක මීටර 200 පසුපස ආර ජ්‍යෙෂඨ ඉසව්වේදී ෂෙවින්ද ද සිල්වා විනාඩි 2. තත්පර 26.53 ක කාලයක් වාර්තා කරමින් ජය ලැබීය. ෂෙවින්දගේ මෙම දස්කම හමුවේ 2014 වසරේදී දිනිත් ජයකොඩි පිහිටුවා තිබු විනාඩි 2 තත්පර 29.49 ක වාර්තාව බිද වැටිණ. ෂෙවින්ද, මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ඉගෙනුම ලබන ක‍්‍රීඩකයෙකි.
කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලේ විනොලි කළුආරච්චි, වයස 17 න් පහළ මීටර 200 පසුපස ආර ජ්‍යෙෂ්ඨ බාලිකා ඉසව්වේ වාර්තාව බිද දැමුවාය. විනොලි තරගය ජය ගැනීමට විනාඩි 2. තත්පර 33. 48 ක කාලයක් වාර්තා කළාය.
2012 වසරේදී ඉෂානි එරන්දිකා සේනානායක (විනාඩි 2. තත්.39.48) පැරැණි වාර්තාව පිහිටුවා තිබු ක‍්‍රීඩිකාවයි.
සිවු දිනක් පුරා වයස් කාණ්ඩ හයකින් සමන්විත තරගාවලිය මේ මස 26 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ. තරගාවලියට ක‍්‍රීඩකයන් 1715 ක් සහ ක‍්‍රීඩිකාවන් 1002 දෙනෙක් සම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 2717 දෙනෙක් සහභාගිවී සිටිති.
අද දිනයේ (23) තරග වාර්තා පිහිටු වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:
15 න් පහළ මීටර 200 පසුපස ආර (ජ්‍යෙෂ්ඨ බාලක)
ෂෙවින්ද ද සිල්වා (ශාන්ත ජෝශප් විද්‍යාලය, වි.2.තත්.26.53)
පෙර වාර්තාව: දිනෙත් ජයකොඩි (වි.2.තත්.29.49)
17 න් පහළ මීටර 200 පසුපස ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
විනෝලි කලූආරච්චි (සිරිමාවෝ බණ්ඩාරනායක, වි.2.තත්.33.48)
පෙර වාර්තාව: ඉෂානි එරන්දිකා සේනානායක (වි.2.තත්.39.48)
17 න් පහළ මීටර 50 සමනල ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
හිරුණි පෙරේරා (මීගමුව හරිස්චන්ද්‍ර, තත්.30.51)
පෙර වාර්තාව: හසිනි මැතිව් (තත්. 31.20)
17 න් පහළ මීටර 50 සමනල ආර (ජ්‍යෙෂ්ඨ බාලක)
අකලංක පීරිස් (බම්බලපිටිය ශා. පීතර, තත්. 26.08)
පෙර වාර්තාව: චෙරන්ත ද සිල්වා (තත්. 26.11)
19 න් පහළ මීටර 50 සමනල ආර (ජ්‍යෙෂ්ඨ බාලක)
සිතුවිල් පීරිස් (මොරටුව ශා. සෙබස්තියන්, තත්. 27.66)
පෙර වාර්තාව: උවිදු පෙරේරා (තත්. 27.68)
17 න් පහළ මීටර 50 නිදහස් ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
දිල්රුක්ෂි පෙරේරා (මහනුවර හිල්වුඞ් විද්‍යාලය, තත්. 28.66)
පෙර වාර්තාව: අමන්දා ජයසේකර (තත්. 28.80)
15 න් පහළ මීටර 200 ළය ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
රමුදි සමරකෝන් (විශාඛා, වි.2.තත්.51.06)
පෙර වාර්තාව: ගිහාරා අමරසිංහ, වි.2.තත්.55.53)
17 න් පහළ මීටර 200 ළය ආර (ජ්‍යෙෂ්ඨ බාලිකා)
එල්.මෙලනි ප‍්‍රනාන්දු (ආවේ මරියා කන්‍යාරාමය, වි.3.තත්.00.99)
පෙර වාර්තාව: ශිහානි මේදිවේකා (වි.3.තත්.02.10)
|
|
|
|
‘මයිලෝ ’පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ විශේෂ අවස්ථා...
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.