Last Update  :  2026-01-01 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු දිනයේ කී‍්‍රඩාව වැස්සට සේදී යයි

පළමු දිනයේ කී‍්‍රඩාව වැස්සට සේදී යයි

Dilrukshi - 2015 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල ප‍්‍රදේශයට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවත් දිගින් දිගටම පැවැති අන්ධකාරයෙන් යුත් වැසිබර අහසත් නිසා ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට වීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ කී‍්‍රඩාව අතහැර දමන ලදි. පළමු දිනය අහිමි වූ හෙයින් මෙතැන් සිට ඉදිරි දින හතරේදීම තරගය පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතය.

අද (17 වැනිදා) දිනය පුරාම ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබිණ.
කණ්ඩායම් දෙකේම කී‍්‍රඩකයන් ඔවුන් නවාතැන්ගෙන සිටින ගාල්ල ලයිට් හවුස් හෝටලයේ සිටියදී පස්වරු 1.50 ට පමණ නැවතත් පිටියට පැමිණි තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා සහ විනිසුරුවරු පළමු දිනයේ තරගය අතහැර දැමීමට තීරණය කළහ.

අඟහරුවාදා (16 වැනිදා) පෙරවරුවේදී තරමක වර්ෂාවක් පැවැති නමුත් පස්වරු 7.00 වන තුරුත් නැවතත් වර්ෂාව ඇති නොවීය. එහෙත් ඊයේ රාතී‍්‍ර 7.00 ට පමණ ධාරාණිපාත වර්ෂාවක් ඇතිවූ අතර නැවතත් අද අලූයම 2.30 ට පමණ තවත් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළිණ.

පෙරවරුවේදී පැවැති වර්ෂාව නිසා කී‍්‍රඩාංගණයේ ආවරණ එලෙසම පැවැති අතර අව්රැල්ලක් පෙනෙන තෙක් මානයේ නොතිබූ හෙයින් තණතීරු ආවරණ ඉවත් කළ නොහැකි විය.පෙරවරුවේදී කී‍්‍රඩාංගණයට පැමිණි තරග තීරක සහ විනිසුරුවරු පිටියේ තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් පසුව පිටවගියේ පස්වරු 2.00 ට නැවතත් කී‍්‍රඩාංගණයට පැමිණ අද දිනයේ කී‍්‍රඩාව පිළිබඳ තීරණයක් ගැනීමේ බලාපොරොත්තුවෙනි.

රිචඞ් ඉලිංවර්ත් සහ පෝල් රයිෆල් මෙම තරගයේ විනිසුරුවරු ලෙස කටයුතු කරති.

 


අදහස් (0)

පළමු දිනයේ කී‍්‍රඩාව වැස්සට සේදී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.