Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමට තවත් දිනක් ඉතිරිව තිබියදීම ඉන් ලකුණු 93 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තානය අද (15 වැනිදා) සමත් විය.
මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනිමටද පාකිස්තානයට හැකි විය. පළමු ඉනිමේදී කඩුලු 6 ක්ද, දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක්ද සමගින් තරගය පුරා කඩුලු 10 ක් බිඳහෙළුෑ නෞමන් අලී තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ශහීන් අෆ්රිඩි සහ නෞමන් අලී ප්‍රමුඛ පාකිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 183 ක් පමණි. එහිදී අෆ්රිඩි සහ නෞමන් කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තෙවැනි දිනය වූ ඊයේ (14 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටි දකුණු අප්‍රිකානුවන්ට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට එක්කරගත හැකි වූයේ ලකුණු 132 ක් පමණි. එහිදී ඩෙවෝල්ඩ් බ්‍රේවිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය.
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 378
(ඉමාම් උල්හක් 93, ශාන් මසූද් 76, බාබර් අසාම් 23, මොහොමඩ් රිස්වාන් 75, සල්මන් ආගා 93, සෙනුරන් මුත්තුසාමි 117/6, ප්‍රෙනෙලන් සුබ්‍රයෙන් 78/2)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
(ඒඩ්න් මාක්‍රම් 20, රයන් රිකෙල්ටන් 71, ටොනි ඩි’සෝර්සි 104, සයිමන් හාමර් 19, නෞමන් අලී 112/6, සජීඩ් ඛාන් 98/3)
පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 167
(අබ්දුල්ලා ශෆීක් 41, බාබර් අසාම් 42, සෞද් ශකීල් 38, සෙනුරන් මුත්තුසාමි 57/5, සයිමන් හාමර් 51/4)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 183
(රයන් රිකෙල්ටන් 45, ඩෙවෝල්ඩ් බ්‍රේවිස් 54, කයිල් වැරේන් 19, ශහීන් අෆ්රිඩි 33/4, නෞමන් අලී 79/4, සජීඩ් ඛාන් 38/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.