මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවට එතරම් වාසිදායක නොවුණත් කණ්ඩායමට වඩා පවුලක් වශයෙන් ක‍්‍රීඩා කළොත් තරගාවලියේ ජයග‍්‍රහණය ප‍්‍රශ්නයක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවසීය.
ඕස්ටේ‍්‍රලියානු මහා කොමසාරිස් කාර්යාලය හා (ZOA) රාජ්‍ය නොවන සංවිධානය එක්ව සංවිධානය කරන ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් සංහිදියාව ඇතිකිරීමේ ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රිකට් කි‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති සම්මන්ත‍්‍රණයේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුණ රණතුංග මහතා ,
''පසුගිය කාලේ තරග පරාජයන් අමතක කරලා අපේ කණ්ඩායම එකට එකතු වෙලා තරගයෙන් තරගයට ක‍්‍රීඩා කළ යුතුයි. මම හිතන්නේ අපට තරගාවලිය පටන් ගන්නේ අර්ධ අවසන් පූර්ව වටයෙන්. එතැන ඉදන් තමයි අපට ගැටලූවක් ඇතිවෙන්නේ. මොකද තරගයක් පරාජය වුණොත් තරගාවලියෙන් ඉවත්වෙන්න සිදුවෙනවා.
කොහොමත් අපට දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ලකුණු අතර සිටීම වාසියක්. ලසිත් මාලිංග ණැවතත් සනීප වෙලා කණ්ඩායමට ආපු එක වාසියක් ඇන්ජෙලෝ මැතිව්ස් නායකායෙක් ලෙස පසුගිය කාලයේ හොදින් දක්ෂතා අතර හිටියා. මං හිතන්නේ කණ්ඩායමට වඩා පවුලක් වශයෙන් ක‍්‍රීඩා කළොත් තරගාවලිය ජයග‍්‍රහණය කිරීම ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ කියල.” යැයි පැවසීය.
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ලබන පෙබරවාරි 14 වෙනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ඔස්ටේ‍්‍රලියාවේදී හා නවසීලන්තයේදී පැවැත් වේ.
මේ අතර ඊයේ ආරම්භවූ ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් සංහිදියාව ක‍්‍රිකට් තරගාවලිය සදහා උතුරු හා දකුණු පළාත් වල දිස්ත‍්‍රික්ක 08ක විසිරී සිටින කාන්තා හා පිරිමි යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම් සහභාගී වන අතර පළමුව දිස්ත‍්‍රික් තරග පවත්වා ඉන් තෝරා ගන්නා කණ්ඩායම් 18ක් අවසන් තරගාවලිය සදහා කී‍්‍රඩා කරයි. තරගාවලියේ අවසන් තරග මාර්තු 24 වැනිදා මුලතිව් හිදී පැවැත්වේ.
මේ අවස්ථාවට ශ‍්‍රී ලංකා ඕස්ටේ‍්‍රලියානු මහා කොමසාරිස් රොබින් මූඩි මහත්මිය හා සෝආ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යක්ෂ ගයිඩෝ ඩි විරියේස් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.