Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු කඳවුර සඳහා මහේල ජයවර්ධනගේ සහ ලසිත් මාලිංගගේ සහායද ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
දින 6 කින් සමන්විත මෙම පුහුණු කඳවුර නිමා වීමෙන් පසුව සංචාරය සඳහා සූදානමින් වීමට ක්‍රීඩකයන්ට ඔක්තෝබර් මස 1 වැනිදා විවේකයක් හිමිවන බවද, ඉන් පසු දින එනම් ඔක්තෝබර් 2 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යනු ඇති බවද ඈෂ්ලි මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ඉකුත් 13 වැනිදා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්, කෙටි විවේකයකින් අනතුරුව කණ්ඩායමක් ලෙස යළිත් පුහුණුවීම් ආරම්භ කරන පළමු අවස්ථාවද මෙය වනු ඇත.
ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඉකුත් 16 වැනිදා නිල වශයෙන් නිවේදනය කෙරිණ. අතිරේක ක්‍රීඩකයන් ලෙස ඊට ඇතුළත්ව සිටින අෂේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රමද කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාව බලා පිටත්වයනු ඇතැයිද එම නිවේදනයේ සඳහන් විය.
කෙසේ වුවත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින වේග පන්දු යවන්නන් අතරින් අත්දැකීම් බහුලම ක්‍රීඩකයන් දෙදෙනා වන දුෂ්මන්ත චමීරගේ සහ ළහිරු කුමාරගේ ලෝක කුසලාන සහභාගීත්වය ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වනු ඇතැයිද අදාල නිවේදනයේ සටහන්ව තිබිණ. එබැවින් මෙම පුහුණු කඳවුර සඳහාද ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්ත්වයක පවතී.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා, දඟ පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා සහ සෙසු පුහුණු කාර්යය මණ්ඩලයද සහභාගි වනු ඇත.
මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7 කදී පැවැත්වෙන අතර ඊට රටවල් 16 ක් සහභාගි වීමට නියමිතය. ඉන් රටවල් 8 ක් කල්තියාම සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටින අතර ශ්‍රී ලංකාවට සුපිරි වටයට සුදුසුකම් ලැබීමට සඳහා මූලික වටයේදී තරග වදින කාණ්ඩයේ පළමු හෝ දෙවැනි ස්ථාන දිනාගත යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.