Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර ෆොල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ෆොල්කන්ස් කණ්ඩායම සමත් විය. මූලික වටය යටතේ මහනුවර කණ්ඩායම සහභාගි වූ අවසන් තරගය මෙය වූ අතර එහිදී ඔවුන් ලැබූ 7 වැනි ජයද මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඔෂේන් තෝමස් ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. එහිදී තෝමස් ලකුණු 15 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර චමිඳු විජේසිංහ සහ ෆේබියන් ඇලන් කඩුලු 2 බැගින් දවාගත්හ.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ සිකන්දර් රාසා පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 45 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පිතිකරුවන් 6 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑමද දඹුල්ල කණ්ඩායමට විශාල පාඩුවක් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර ෆොල්කන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 160 ක් ලබාගත් අතර මහනුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අෂේන් බණ්ඩාර පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 37 ක් රැස්කළේය.
ආරම්භක පිතිකරු කවීන් බණ්ඩාර පන්දු 16 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද, කමිඳු මෙන්ඩිස් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක්ද රැස්කළ අතර නජිබුල්ලා සද්‍රාන් පන්දු 18 කදී ලකුණු 22 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගනි. එහිදී මැතිව් ෆෝඩ්, දිලුම් සුදීර සහ කළණ පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්හ.
මහනුවර ෆොල්කන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 160
(කවීන් බණ්ඩාර 27, මිනෝද් භානුක 14, කමිඳු මෙන්ඩිස් 19, අෂේන් බණ්ඩාර 37, නජිබුල්ලා සද්‍රාන් 22, මැතිව් ෆෝඩ් 16/2, දිලුම් සුදීර 19/2, කළණ පෙරේරා 27/2)
දඹුල්ල අවුරා පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 121
(සිකන්දර් රාසා 45, දසුන් ශානක 14, දිලුම් සුදීර නොදැවී 21, ඔෂේන් තෝමස් 15/3, චමිඳු විජේසිංහ 17/2, ෆේබියන් ඇලන් 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.