Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්ට්හිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 88 ක පහසු ජයක් අත්කර ගැනීමට නවසීලන්ත ඊයේ (20 වැනිදා) කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද නවසීලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 13.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ 91 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉෂ් සෝධි ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගනිමින් අයර්ලන්ත ඉනිම අඩ පණ කළ අතර මයිකල් බ්‍රාස්වෙල් කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් රැස්කළේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඩේන් ක්ලීවර් පන්දු 55 කදී නොදැවී ලකුණු 78 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. ග්ලේන් පිලිප්ස් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ක්ලීවර් සමත් විය.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 179
(ෆින් ඇලන් 35, ඩේන් ක්ලීවර් නොදැවී 78, ග්ලේන් පිලිප්ස් 23, ඩර්ලි මිචෙල් 14, ජොෂුවා ලිට්ල් 31/2, ක්‍රෙග් යංග් 34/2)
අයර්ලන්තය - ඕවර 13.5 කදී සියලු දෙනා දැවී 91
(පෝල් ස්ටර්ලින් 21, කර්ටිස් කැම්පර් 14, මාක් අඩෙයර් 27, මයිකල් බ්‍රාස්වෙල් 05/3, ඉෂ් සෝධි 21/3, ජෙකොබ් ඩෆි 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.