Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ ඉන්දීය පිලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ඉන්දීය පිලට ජය ගෙනෙති

editorial - 2022 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව තිරුවනන්තපුරම්හිදී ඊයේ (28 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 16.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 93 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් (නොදැවී 51) සහ සූර්යකුමාර් යාදව් (නොදැවී 50) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. 

එහිදී පන්දු 56 කට මුහුණදුන් රාහුල් හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසීය. පන්දු 33 කදී වාර්තා වූ යාදව්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. රෝහිත් ශර්මා ලකුණු නොළබා දැවී ගිය අතර විරාට් කෝලිට ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට අර්ෂ්දීප් සිං ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කේෂව් මහරාජ් පන්දු 35 කින් ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අර්ෂ්දීප් සිං සිය ඕවර 4 ලකුණු 32 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළු අතර දකුණු අප්‍රිකානු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් දීපක් චාහර් සහ හර්ෂාල් පටේල් කඩුලු 2 බැගින් දවාගත්හ. 

දකුණු අප්‍රිකානු පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 106 
(ඒඩ්න් මාක්‍රම් 25, වේන් පනේල් 24, කේෂව් මහරාජ් 41, අර්ෂ්දීප් සිං 32/3, දීපක් චාහර් 24/2, හර්ෂාල් පටේල් 26/2) 

ඉන්දීය පිල - ඕවර 16.4 කදී කඩුලු 2 කට 110
(ලෝකේෂ් රාහුල් නොදැවී 51, සූර්යකුමාර් යාදව් නොදැවී 50) 

-036 


අදහස් (0)

පන්දු යවන්නෝ ඉන්දීය පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.