Last Update  :  2025-06-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්ජාබ් පිල 7 වැනි ජය ලබයි
අයි.පී.එල්. - 2025

පන්ජාබ් පිල 7 වැනි ජය ලබයි

editorial - 2025 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 54 වැනි තරගය ලෙස පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර ධරම්ශාලා නුවර හිමාචල් ප්‍රාන්ත ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 37 ක ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී පන්ජාබ් කණ්ඩායම ලැබූ 7 වැනි ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 199 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත අයුෂ් බදෝනි පන්දු 40 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 74 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අබ්දුල් සමාඩ් (45) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අයුෂ් සමත් වූ අතර පන්දු 24 කදී වාර්තා වූ සමාඩ්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කළ අර්ෂ්දීප් සිං කඩුලු 3 ක්ද බිඳහෙළමින් ලක්නව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 236 ක් ලබාගත් අතර පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ප්‍රභ්සිම්රන් සිං පන්දු 48 කින් ලකුණු 91 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය. 

ජොෂ් ඉන්ග්ලිෂ් පන්දු 14 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද, ශාෂන්ක් සිං පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද රැස්කරමින් පන්ජාබ් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී ආකාෂ් මහරාජ් සහ දිග්වේෂ් රාති කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

 
පන්ජාබ් කින්ග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 236 
(ප්‍රභ්සිම්රන් සිං 91, ජොෂ් ඉන්ග්ලිෂ් 30, ශ්‍රෙයාස් අයියර් 45, නෙහාල් වධීරා 16, ශාෂන්ක් සිං නොදැවී 33, මාකස් ස්ටොයිනීස් නොදැවී 15, ආකාෂ් මහරාජ්  30/2, දිග්වේෂ් රාති 45/2)
 
ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 199 
(රිෂාබ් පාන්ට් 18, අයුෂ් බදෝනි 74, අබ්දුල් සමාඩ් 45, අවේෂ් ඛාන් නොදැවී 19, අර්ෂ්දීප් සිං 16/3, අස්මතුල්ලා ඔමර්සායි 33/2) 

 


 
-036 


අදහස් (0)

පන්ජාබ් පිල 7 වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.