ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (14) පැවැති තරගයේදී කිංග්ස් XI, පන්ජාබ් පිල ඉතාමත් සාර්ථක ලෙසින් ලකුණු 206 ක් හඹා යමින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලූ 6 කින් පරාජය කිරීමට සමත් විය. පන්ජාබ් පිතිකරුවෝ ලකුණු 206 ක දැවැන්ත ඉලක්කය පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
මෙම ලකුණු 206 මෙවර තරගාවලියේදී දෙවැනි වර පන්දුවට පහර දුන් කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය විශාලතම ඉලක්කයද විය. අයි. පී. එල්. තරග ඉතිහාසයේදී කණ්ඩායමක් සාර්ථකව හඹාගිය ඉහළම ඉලක්කය වන්නේ 2008 තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් පිල විසින් ඩෙකෑන් චාජර්ස් පිලට එරෙහිව ඕවර 19.5 කදී කඩුලූ 7 ට ලකුණු 217 ක් ලබාගැනීමයි.
නායක ජෝජ් බේලි ජයග‍්‍රහණය වේගවත් කරමින් ඬේල් ස්ටෙයින් යැවූ ඉනිමේ 18 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේ සිට පන්දු හතරකට ලකුණු 20 ක් (6,4,4,6) ලබාගනිමින් ජයග‍්‍රහණය අපේක්‍ෂා කළාට වඩා ඉක්මන් කළේය. බේලි පන්දු 19 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 35 ක් රැස් කිරීමට සමත් විය.
ජෝජ් බේලි ලකුණු 6 ක් ලබා සිටියදී, 17 වැනි ඕවරයේ පස්වැනි පන්දුවට ගැසූ පහරකින්, ලෝන් ඕෆ් හි පන්දු රකිමින් සිටි ඬේවිඞ් වෝනර් උඩ පන්දුවක් රැකගත්තේ යැයි සිතා පිටියෙන් ඉවත්වීමට ගියද විනිසුරුවරු පිටියෙන් ඉවත්ව යන බේලි නතර කළහ. ඬේවිඞ් වෝනර් පන්දුව රැකගැනීමට පෙර එය බිම පතිත වූ බවට පුනරූපන වලින් සනාථ වීමෙන් පසුව ජෝර්ජ් බේලිට නැවතත් පන්දුවට පහරදීමට අවස්ථාව දීමට තරගයේ තුන්වැනි විනිසුරුවරයා වූ කුමාර් ධර්මසේන මහතා තීරණය කළේය.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ග්ලේන් මැක්ස්වෙල් පන්දු 22 කදී හතරේ පහර 2 ක් සහ දැවැන්ත හයේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස්කරමින් පසු පෙළ පිතිකරුවන්ට පහසු තත්ත්වයක් නිර්මාණය කළේය. රිදිමන් සාහා පන්දු 26 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 54 ක් රැස්කරමින් ඉලක්කය සදහා මුල පිරුවේය. මානන් වෝරා සහ රිදිමන් සාහා අතර දෙවැනි කඩුල්ල සඳහා වූ ලකුණු 91 ක සම්බන්ධතාවට වැයවූයේ පන්දු 41 ක් පමණි.
ආරම්භක පිතිකරු මානන් වෝරා පන්දු 20 කදී ලකුණු 47 ක් රැස් කළේය.මානන්ගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය. නාමන් ඕජා පන්දු 36 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් හයිද්‍රාබාද් පිල ලකුණු 205 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියානු පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 23 කදී ලකුණු 44 ක් රැස් කළේය.
පන්ජාබ් පිලේ නායක ජෝජ් බේලි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 205
(ඒරන් ෆින්ච් 20, ශීකර් දාවන් 45, නාමන් ඕජා නොදැවී 79, ඬේවිඞ් වෝනර් 44)
කිංග්ස් XI, පන්ජාබ් පිල ඕවර 18.4 කදී කඩුලූ 4 ට 211
(මානන් වොරා 47, රිදිමන් සාහා 54, ග්ලේන් මැක්ස්වෙල් 43, ඬේවිඞ් මිලර් නොදැවී 24, ජෝජ් බේලි නොදැවී 35)
- 048
ඡායාරූපය - ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය අනුග‍්‍රහයෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.