Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිහිනුම් ජාතික ශූරතාවලිය ඇරඹෙයි

පිහිනුම් ජාතික ශූරතාවලිය ඇරඹෙයි

ශනුක අරවින්ද - 2016 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කරන ජාතික පිහිනුම් ශූරතාවලිය අද (26 වැනිදා) සිට 29 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ. මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ කී‍්‍රඩා සමාජ 51 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 303 ක් සහභාගි වෙති.

ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ පිරිමි සහ කාන්තා කේවල ඉසව් 16 බැගින්ද, සහාය ඉසව් 5 බැගින්ද පැවැත්වේ. කනිෂ්ඨ කාණ්ඩය යටතේ බාලක සහ බාලිකා කේවල ඉසව් 11 බැගින්ද, සහාය ඉසව් 3 බැගින්ද පැවැත්වේ. තරගාවලිය පැවැත්වෙන සෑම දිනකම පස්වරු 3.00 සිට එම ඉසව් වල අවසන් මහ තරග පැවැත්වේ.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනාගැනීමට ‘කිලර් වේල්’ කී‍්‍රඩා සමාජය සමත් වූ අතර සමස්ත කාන්තා ශූරතාව දිනාගැනීමට කොළඹ විශාකා විදුහල සමත් විය.

තරගාවලියේ සමාප්ති උළෙල සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවය 29 වැනිදා පස්වරු 5.00 සිට පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

පිහිනුම් ජාතික ශූරතාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.