Last Update  :  2024-05-10 10:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේමාර් සුවය ලබමින්

නේමාර් සුවය ලබමින්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලය සතු විශිෂ්ටතම ප්‍රහාරකයා වන නේමාර් පාදයේ ඇතිවූ ආබාධයක් නිසා පාපන්දු පිටියෙන් ඈත්ව සිටියේය. එහෙත් පසුගියදා පැවති සංදර්ශණයකට සහභාගී වෙමින් නේමාර් පවසා සිටියේ තමන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවයි.

“ මට දැන් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. නමුත් මගේ ආබාධිත පාදය, ඒ වෙනුවෙන්ම සකස් කළ විකලාංග සපත්තුව නොමැතිව බිම තැබිය නොහැකියි.කොහොම වුනත් මං දැන් සුවය ලබමින් ඉන්නවා. ඒ සියල්ල සැලැස්මකට අනුවයි සිදු වෙන්නේ. “

පැරිස් ශාන්ත ජර්මේන් ( පී.එස්.ජි ) ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන නේමාර් පසුගියදා ආබාධයට ලක් වන්නේද, මාර්සෙල් පිළට එරෙහිව ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීය. ඔහුගේ ආබාධය සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ සහ විකල්ප සලකා බැලීමෙන් අනතුරුව පී.එස්.ජි බලධාරීන් අවසන් මොහොතේ තිරණය කළේ ලෝකයේ වඩාත් ම මිලැති ක්‍රීඩකයාගේ පාදයට සැත්කමක් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මේ වන විට ප්‍රංශ ලිග් තරගාවලියේ ඉදිරියෙන්ම සිටින්නේ පී.එස්.ජි කණ්ඩායමයි පී.එස්.ජි පිලට එක් වූ දා පටන් නේමාර් තරග 30කට සහභාගි වී ගෝල 25 ක් ලබා ගැනීමට සමත්ව ඇත.

නේමාර්ගේ ආබාධිත තත්වය සොයා බැලීමට බාරගත් බ්‍රසීල කණ්ඩායමේ වෛද්‍ය රොඞ්රිගෝ ලස්මාර් පවසා සිටියේ මේ වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට පෙර ඔහු සුවකර ගත හැකි බවයි. එය සත්‍යයක් බව දැන් සනාථ වී ඇත්තේ නේමාර් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබද සැලකිලිමත් වෙමින් සිය පුහුණුවීම් කටයුතු වල නිරත වී සිටින නිසාය.

මේ වන විට පස් වතාවක් පාපන්දු ලෝක කුසලානය දිනා ඇති බ්‍රසිල කණ්ඩායම 2018 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන්නේ ස්විට්සර්ලන්ත පිලට එරෙහි තරගයෙනි. එම තරගය ජුනි 17 වැනිදා රුසියාවේ සෝචි නගරයේදී පැවැත්වෙයි.

 

 

 

 

- 024

 


අදහස් (0)

නේමාර් සුවය ලබමින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.