Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නෙත්මි - මේදිරා - තිසුරි - අනිකා අවසන් පූර්ව වටයට

නෙත්මි - මේදිරා - තිසුරි - අනිකා අවසන් පූර්ව වටයට

ශනුක අරවින්ද - 2016 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නෙත්මි වඩුගේ, මේදිරා සමරසිංහ, තිසුරි මොල්ලිගොඩ සහ අනිකා සෙනෙවිරත්න සමත් වූහ.

අද (18) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගවලදී නෙත්මි වඩුගේට එරෙහිව මේදිරා සමරසිංහ තරග වැදීමට නියමිත අතර අනිකා සෙනෙවිරත්නට එරෙහිව තිසුරි මොල්ලිගොඩ තරග වැදීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී ප‍්‍රබුද්ධි පෙරේරා පරාජය කරමින් නෙත්මි වඩුගේද, රුක්ෂිකා විජේසූරිය පරාජය කරමින් මේදිරා සමරසිංහද, ජනාලි මනම්පේරි පරාජය කරමින් අනිකා සෙනෙවිරත්නද, රොෂෙන්කා ප‍්‍රනාන්දු පරාජය කරමින් තිසුරි මොල්ලිගොඩද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

විවෘත කාන්තා කේවල අවසන් පූර්ව වටයේ තරගවලදී අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහට එරෙහිව අනිකා සෙනෙවිරත්න සහ නෙත්මි වඩුගේද, සෙනුරි ඇලෙක්සැන්ඩර් සහ සවිනි ජයසූරියට එරෙහිව කේමාලි හේරත් සහ ශෙනාලි වීරසේකරද තරග වැදීමට නියමිතය.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස බි‍්‍රටේනියා සමාගම කටයුතු කරයි.

විවෘත කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව වටය

  • නෙත්මි වඩුගේ විසින් තරග වට 2-0 ක් ලෙස ප‍්‍රබුද්ධි පෙරේරා පරාජය කරන ලදි. (6/1, 6/0)
  • මේදිරා සමරසිංහට ජයග‍්‍රහණය පිරිනමා රුක්ෂිකා විජේසූරිය තරගයෙන් ඉවත් වූවාය. (3/2)
  • අනිකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරන ලදි. (6/3, 6/4)
  • තිසුරි මොල්ලිගොඩ විසින් තරග වට 2-0 ක් ලෙස රොෂෙන්කා ප‍්‍රනාන්දු පරාජය කරන ලදි. (6/0, 6/2)

 


අදහස් (0)

නෙත්මි - මේදිරා - තිසුරි - අනිකා අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.