Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරිනියන් ලෙසින් උසස්වීම් ලද හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවන් සිව්දෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (07 වැනිදා) උපහාර දක්වන ලදි. අන්තර්ජාතික කාන්තා දිනයට දිනයක් ඉතිරිව තිබියදී ඔව්හු උපහාර ලැබූහ.
වැනේසා ද සිල්වා සහ මිචෙල් පෙරෙයිරා දෙදෙනාම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරියන් ලෙසින් පත්වීම් ලැබ සිටිති. දේදුනු ද සිල්වා සහ නිමාලි පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවර්ධන විනිසුරුවරුන්ගේ කමිටුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනාවලින්, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින්, මෙම සිව්දෙනා තෝරාගන්නා ලදි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති උත්සවයකදී වැනේසා ද සිල්වා, මිචෙල් පෙරේරා, දේදුනු ද සිල්වා සහ නිමාලි පෙරේරා ඇගයීමට ලක්කෙරිණි. බන්දුල දිසානායක (ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති), ඈෂ්ලි ද සිල්වා (ප්‍රධාන විධායක නිලධාරී), චින්තක එදිරිමාන්න (ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී), සහ චානක තේනුවර (විනිසුරු සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරු) මෙම අවස්ථාවට සහභාගි වෙමින් ඔවුන්ට උපහාර තිළිණ පිරිනැමූහ.
“මේ පත්වීම් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල දිරිගැන්වීමක්. ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලට ක්‍රීඩා කිරීමෙන් පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල තීරකවරියන් ලෙසත්, විනිසුරුවරියන් ලෙස මෙන්ම තවත් බොහෝ වගකීම් දැරීම දක්වාත් කාන්තාවන්ට යා හැකිබව මෙයින් පෙන්නුම් කෙරෙනවා”
“ඒ නිසා මේ පත්වීම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙකුත් කාන්තාවනටත්, ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමේ මාවත විවිධ බව පෙන්නුම් කරන නිසා, මේ හතර දෙනාගේ පත්වීම් පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති බන්දුල දිසානායක මහතා පැවසීය.
වැනේසා, මිචෙල් සහ දේදුනු තිදෙනාම ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග ක්‍රීඩා කර තිබේ. නිමාලි ශ්‍රී ලංකා ”ඒ” කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවකි.
අන්තර්ජාතික තරඟ තීරකවරුන්ගේ කමිටුවේ සාමාජිකාවක් වන වැනේසා ද සිල්වා, පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවති අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ තීරකවරියක ලෙස කටයුතු කළාය. එම තරඟාවලියේ අවසන් මහ තරගයේත් තීරකවරිය ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ද වැනේසාට ලැබිණ.
දේදුනු ද සිල්වා, දකුණු අප්‍රිකාවේ පැවති 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ විනිශ්චය කිරීම සඳහා පත් කරන ලද විනිසුරු මණ්ඩලයේ සාමාජිකාවකි. නිමාලි පෙරේරා දකුණු අප්‍රිකාවේ පැවති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ විනිසුරුවරියක ලෙසින් කටයුතු කළාය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.