නිකොල්ස් ශතකයකින් නවසීලන්තය ගොඩගනී
හෙන්රි නිකොල්ස්ගේ (නොදැවී 117) ශතකය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව වෙලිංග්ටන්හිදී අද (11 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 294 ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 78 කට කඩුලු 3 ක් අහිමිව තිබියදී පිටියට පිවිසි හෙන්රි නිකොල්ස් දිනය නිමාවනවිට පන්දු 207 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 117 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. කයිල් ජැමීසන් අනෙක් අන්තයේ රැඳී සිටින පිතිකරුවා වෙයි. විල් යංග් (43) සහ ඩැරිල් මිචෙල්ට (42) ඔවුන්ගේ අර්ධ ශතක අහිමිව ගිය අතර බී.ජේ.වොට්ලිං ලකුණු 30 ක් සහ නායක ටොම් ලේතම් ලකුණු 27 ක් ලබාගත්තේය.
පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් නිත්‍ය නායක කේන් විලියම්සන් සිය බිරිඳට පළමු දරුවා ලැබීම හේතුවෙන් ප්‍රිතෘ නිවාඩු ලබාගෙන ඇති අතර ටොම් ලේතම් දෙවැනි ටෙස්ට් තරගයේ නායකයා ලෙස කටයුතු කරයි. මින් පෙර ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී නායකත්වය දරා ඇති ටොම් ලේතම් එම තරගය පරාජයට පත්විය.+
කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළේය.
නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 294
(ටොම් ලේතම් 27, විල් යංග් 43, හෙන්රි නිකොල්ස් නොදැවී 117, බී.ජේ.වොට්ලිං 30, ඩැරිල් මිචෙල් 42, ශැනන් ගේබි්‍රයල් 57/3, චෙමාර් හෝල්ඩර් 65/2)
- 2079