Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
දුනිත් වෙල්ලාලගේගේ (74) අර්ධ ශතකයත්, පන්දු යවන්නන්ගේ දක්ෂතාවත් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත්විය. දිවා-රාත්‍රී තරගයක් ලෙස මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 37 ක ජයක් හිමිකර ගැනීමට යාපනය කණ්ඩායමට හැකිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 259 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 45.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 221 ක් පමණි.
නායක කමිඳු මෙන්ඩිස් පන්දු 73 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 46 ක් ද, තික්ෂිල ද සිල්වා ලකුණු 37 ක් සහ සහන් ආරච්චිගේ ලකුණු 33 ක් ලබාගැනීමට සමත්වුවද මහනුවර කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.
ප්‍රමෝද් මදුෂාන් කඩුල 4 ක් සහ නිමන්ද මදුශංක කඩුලු 3 ක් දවාගනිමින් යාපනය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා යාපනය කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 258 ක් ලබාගැනීමට ඔව්හු සමත් වූහ. වරින් වර ඇති වූ වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් ඕවර 49 කට සීමා විය.
එහදී අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 87 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 74 ක් ලබාගැනීමට සමත්විය. නිෂාන් මදුශංක ලකුණු 36 ක්, නිමන්ද මදුෂංක ලකුණු 35 ක් සහ රවිඳු ප්‍රනාන්දු ලකුණු 41 ක් ලබාගනිමින් යාපනය පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.
නිමන්ද මදුෂංක සහ දුනිත් වෙල්ලාලගේ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 89 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.
අසිත ප්‍රනාන්දු ලකුණු 44 කට කඩුලු 5 ක් සහ සචිඳු කොළඹගේ ලකුණු 53 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
යාපනය - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී 258
(නිශාන් මදුෂ්ක 36, දුනිත් වෙල්ලාලගේ 74, නිමන්ද මදුෂංක 35, රවිඳු ප්‍රනාන්දු 41, අසිත ප්‍රනාන්දු 44/5, සචිඳු කොළඹගේ 53/2)
මහනුවර - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී 221
(කවීන් බණ්ඩාර 24, ඕෂධ ප්‍රනාන්දු 22, කමිඳු මෙන්ඩිස් 46, සහන් ආරච්චිගේ 33, තික්ෂිල ද සිල්වා 37, සචිඳු කොළඹගේ 20, ප්‍රමෝද් මදුෂාන් 59/4, නිමන්ද මදුශංක 17/3, )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.