Last Update  :  2024-05-19 14:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවිකයෝ අරමුණ ඉටුකර ගනිති

නාවිකයෝ අරමුණ ඉටුකර ගනිති

Nisanka Sandeepani - 2018 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ දී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 45-26 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නාවික හමුදා කණ්ඩායම සෙනසුරාදා සමත්විය. මේ තරගයේදී උත්සාහක දිනුම් 7 ක් තබමින් අතිශය වැදගත් අතිරේක ප්‍රසාද ලකුණක්ද අත්පත් කර ගැනීමට නැවියන්ට හැකිවිය. 

පසුගිය සතියේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව දෙවැනි තැන සිටි හැව්ලොක්ස් පිල පහළට ඇදදමා ඉහළ නැගීම නාවිකයන්ගේ අරමුණ විය. පොලිස් පිල හමුවේ අතිරේක ප්‍රසාද ලකුණත් ලබාගත් හෙයින් නාවිකයන්ගේ අරමුණ සාක්ෂාත් වී තිබේ. 

ජනිත චන්දිමාල් තැබූ උත්සාහක දිනුමකින් ආරම්භයේදීම ලකුණු 5-0 කින් පෙරමුණ ගැනීමට පොලිස් පිල සමත්වූවත් 22 වැනි මිනිත්තුවේදී ප්‍රොප් ක්‍රීඩක ස්ටීවන් ග්‍රෙගරි තැබූ අගනා උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 5-5 කින් සමකරගැනීමට නැවියෝ සමත්වූහ. අනතුරුව තිළිණ වීරසිංහගේ උත්සාහක දිනුමකින් ලකුණු 10-5 කින් පෙරමුණ ගැනීමට නැවියන්ට හැකිවිය.

එහෙත් ඊට මිනිත්තු 3කට පසුව පන්දුව ඩැහැගෙන ප්‍රතිවාදින් අභිබවා මීටර් 50 ක් පමණ දිවගොස් ජනිත් චානක තැබූ අගනා උත්සාහක දිනුම සංදේශ් ජයවික්‍රම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් ලකුණු 12-10 කින් පෙරමුණ උදුරාගැනීමට පොලිස් පිල සමත්විය. කෙසේවෙතත් තරගයේ පළමුභාගය නිමාවීමට පෙර චරිත් සිල්වා තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තිළිණ වීරසිංහ ලකුණු 17-12 කින් නැවියන් ඉහළට ඔසවා තැබුවේය.

දෙවැනි භාගයේදී සිය ආක්‍රමණශීලිත්වය වැඩි කල නැවියෝ පිට පිට උත්සාහක දිනුම් දෙකකින් පොලිස් පිල අන්දමන්ද කරවිය. ස්ටීවන් ග්‍රෙගරිගේ දෙවැනි උත්සාහක දිනුමත්, සුපුන් ඩිල්ෂාන්ගේ උත්සාහක දිනුමත් ගෝල බවට ප්‍රවර්තනය කළ තිළිණ වීරසිංහ නාවික හමුදා පිල ලකුණු 31-12 කින් ඉදිරියට ගෙන ගියේය. 

පසුව උදය සංජුල තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සංදේශ් ජයවික්‍රම පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 19 දක්වා ඉහළ දැමීමට සමත්විය. 

ඒ සමගම සිය ආක්‍රමණශීලිත්වය දෙගුණයකින් ඉහළ දැමූ නැවියෝ පිට පිට තවත් උත්සාහක දිනුම් දෙකකින් පොලිසියේ බලය බිඳ දමා ජයග්‍රහණය තහවුරු කරගත්හ. බුද්ධිම පියරත්නගේ උත්සාහක දිනුමත් තරගයේ තම දෙවැනි උත්සාහක දිනුමත් දෙකම ගෝල බවට ප්‍රවර්තනය කළ  තිළිණ විරසිංහ නාවික හමුදා පිල ලකුණු 45-19 කින් ඉහළට ඔසවා තැබුවේය.

අවසන් භාගයේදී ජනිත් චානකගේ දෙවැනි උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට සංදේශ් ජයවික්‍රම සමත්වූවත් නැවියන්ට සටනක් දීමට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය. 

තරගාවලියේ විශේෂ අවස්ථා...

 


අදහස් (0)

නාවිකයෝ අරමුණ ඉටුකර ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.