කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වූ 87 වැනි ‘සුලෝහිත සංග‍්‍රාම’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට ආනන්ද විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 55 ක් රැස්කර සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විදුහල් පළමු ඉනිම ලකුණු 197 කට සීමා විය. එහිදී නිම්නක රත්නායක වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 44 ක් රැස් කළේය.
සුපුන් වරාගොඩ ලකුණු 13 කට කඩුලූ 4 ක් දවා ගනිමින් ආනන්ද විදුහලේ දක්‍ෂතම පන්දු යවන්නා බවට පත්විය.
ආනන්ද විදුහල් පිලේ නායක නිසල් ෆ‍්‍රැන්සිස්කෝ කාසියේ වාසිය ලබා පළමු පන්දුවට පහරදීමට නාලන්දා විදුහලට ආරාධනා කළේය.
හෙට (06) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
නාලන්දා විදුහල පළමු ඉනිම ඕවර 71.1 කදී සියලූ දෙනා දැවී 197
(නිම්නක රත්නායක 44, ලක්‍ෂිත රසාංජන 35, මාලිංග අමරසිංහ 37, දසුන් සෙනෙවිරත්න 21, ඩිලාන් සුරවීර 20, සුපුන් වරාගොඩ 13/4, දිලීප ජයලත් 44/2, සමූ අෂාන් 45/2)
ආනන්ද විදුහල පළමු ඉනිම ඕවර 21 කදී කඩුලූ 1 ට 55
(රහල් අවිෂ්ක නොදැවී 28)
ආනන්ද - නාලන්දා මහක්‍රිකට් තරගයේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.