Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට ඉනිමක ජයක්

නවසීලන්තයට ඉනිමක ජයක්

editorial - 2020 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අසරණ වූ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට වෙලිංග්ටන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 317 ක් ලබාගත් නමුත් තරගය පරාජයෙන් බේරා ගැනීමට අපොහොසත් විය. මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 12 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය අද (14 වැනිදා) සමත්විය.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති මෙම තරගාවලිය 2-0 ක් ලෙස ජයගත් නවසීලන්තය ප්‍රසාද ලකුණු 120 ක් හිමිකර ගත්තේය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා කොදෙව් ක්‍රීඩකයින්ට තවත් ලකුණු 85 ක් අවශ්‍යවූ නමුත් අද දිනයේ පන්දුවට පහරදීමට පැමිණි ඔවුන්ට තවත් ලකුණු 73 කදී ඉතිරි කඩුලු 4 අහිමිකර ගැනීමට සිදුවිය. ඒ අනුව කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 317 කට සීමාවිය.

තෙවැනි දිනය අවසන් වනවිට ලකුණු 60 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජේසන් හෝල්ඩර්ට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. අද දිනයේ යවන ලද පළමු ඕවරයේ අවසන් පන්දුවේදී ටිම් සවුතිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් හෝල්ඩර්ට පිටියෙන් ඉවත්විමට සිදුවිය. ජේසන් හෝල්ඩර් සමගින් අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි ජොශුවා ද සිල්වා සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත් අතර නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 57 කට දැවී ගියේය.

හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 82 ක සම්බන්ධතාවයක් පවත්වමින් කොදෙව් දෙවැනි ඉනිම ගොඩනැගීමට ජේසන් හෝල්ඩර් සහ ජොශුවා ද සිල්වා ප්‍රයත්න දැරුවද එය අසාර්ථක විය.

තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ කයිල් ජැමීසන් සහ ටිම් සවුති පළමු ඉනිමේ දවාගත් කඩුලු 5 ත් සමගින් කඩුලු 7 බැගින් දවාගනිමින් නවසීලන්තය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වූහ. ටේ‍රන්ට් බෝල්ට් සහ නීල් වැග්නර් කොදෙව් දෙවැනි ඉනිමේදී කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 

නවසීලන්ත පළමු ඉනිම - සියලුදෙනා දැවී 460
(ටොම් ලේතම් 27, විල් යංග් 43, හෙන්රි නිකොල්ස් නොදැවී 174, බී.ජේ.වොට්ලිං 30, ඩැරිල් මිචෙල් 42, කයිල් ජේමිසන් 20, නීල් වෝනර් නොදැවී 66, ශැනන් ගේබි්‍රයල් 93/3, අල්සාරි ජෝසප් 109/3, චෙමාර් හෝල්ඩර් 110/2, රොස්ටන් චේස් 54/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලුදෙනා දැවී 131
(ජර්මෙයින් බ්ලැක්වුඞ් 69, ටිම් සවුති 32/5, කයිල් ජේමිසන් 34/5)

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 317
(ක්‍රෙග් බ්‍රැත්වේට් 24, ජෝන් කැම්බල් 68, ශමාර් බෲක් 36, ජර්මෙයින් බ්ලැක්වුඞ් 20, ජේසන් හෝල්ඩර් 61, ජොශුවා ද සිල්වා 57, අල්සාරී ජෝසප් 24, ටේ‍රන්ට් බෝල්ට් 96/3, නීල් වෝනර් 54/3, කයිල් ජේමිසන් 43/2, ටිම් සවුති 96/2)

- 2079

 


අදහස් (0)

නවසීලන්තයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.