Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය පරාජය අබියස
ශිලාත් ටෙස්ට් තරගය

නවසීලන්තය පරාජය අබියස

editorial - 2023 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (1 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 332 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය, ලකුණු 113 කට කඩුලු 7 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව සිටියේය. 

සිවුවැනි දිනය නිමාවට පත්වන විට නවසීලන්තය කඩුලු 3 ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 219 ක් පසුපසින් සිටි අතර ඒ වන විට ඩැරිල් මිචෙල් හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක්ද, ඉෂ් සෝධි හතරේ පහරක් සමග ලකුණු 7 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. හෙට (2 වැනිදා) තරගයේ අවසන් දිනයයි.  

දක්ෂ පන්දු යැවීමක නිරත වූ තයිජුල් ඉස්ලාම් කඩුලු 4 ක් බිඳහෙළමින් නවසීලන්ත දෙවැනි ඉනිම අඩ පණ කළ අතර පිතිකරුවන් සිවුදෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම නවසීලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් බවට පත් විය. එහිදී ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 

තෙවැනි දිනය වූ ඊයේ (30 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටි බංග්ලාදේශය අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 126 ක් එක්කර ගත්තේය. එහිදී මුෂ්ෆිකුර් රහීම් හතරේ පහර 7 ක් සමග ලකුණු 67 ක්ද, මෙහෙදි හසන් හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 50 ක්ද රැස්කිරීමට සමත් වූහ.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 310 
(මහමදුල් හසන් 86, නජ්මුල් හොසේන් 37, මොමිනුල් හක් 37, ශහදත් හසන් 24, මෙහෙදි හසන් 20, නුරුල් හසන් 29, ග්ලේන් පිලිප්ස් 53/4, කයිල් ජැමීසන් 52/2, අජාස් පටේල් 76/2) 

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 317
(ටොම් ලේතම් 21, කේන් විලියම්සන් 104, ඩැරිල් මිචෙල් 41, ග්ලේන් පිලිප්ස් 42, කයිල් ජැමීසන් 23, ටිම් සවුති 35, තයිජුල් ඉස්ලාම් 109/4, මොමිනුල් හක් 04/3) 

බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 338
(නජ්මුල් හොසේන් 105, මොමිනුල් හක් 40, මුෂ්ෆිකුර් රහීම් 67, මෙහෙදි හසන් නොදැවී 50, අජාස් පටේල් 148/4, ඉෂ් සෝධි 74/2) 

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 113 
(ඩෙවෝන් කොන්වේ 22, ඩැරිල් මිචෙල් නොදැවී 44, තයිජුල් ඉස්ලාම් 40/4) 

-036


අදහස් (0)

නවසීලන්තය පරාජය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.