Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වෙලිංටන්හිදී අද (26 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 164 ක පහසු ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
![]() |
ජේම්ස් නීෂම්.... |
ජයග්‍රහණය සඳහා ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ජේම්ස් නීෂම් සහ මැතිව් හෙන්රිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 42.4 ක් අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 154 ක් පමණි. නීෂම් ලකුණු 27 කට කඩුලු 5 ක්ද, හෙන්රි ලකුණු 27 කට කඩුලු 4 ක්ද දවාගනිමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමූහ.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට මහමදුල්ලා රියාද් පන්දු 73 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 76 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. එහෙත් සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ඒමට නොහැකි විය.
ආරම්භක පිතිකරු ලිටන් දාස් පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද, මුෂ්ෆිකුර් රහීම් පන්දු 44 කදී හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද රැස්කළ නමුත් පිතිකරුවන් 8 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑම එහිදි බංග්ලාදේශ කණ්ඩායමට විශාල පාඩුවක් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 318 ක් ලබාගත් අතර එහිදී ඩෙවෝන් කොන්වේ (126) සහ ඩර්ලි මිචෙල් (නොදැවී 100) ශතක ලබාගනිමින් නවසීලන්ත ඉනිම සවිමත් කළහ.
පන්දු 110 කට මුහුණදුන් කොන්වේ සිය මංගල එක්දින ශතකය හතරේ පහර 17 කින් සැරසූ අතර පන්දු 92 කදී වාර්තා වූ මිචෙල්ගේ මංගල එක්දින ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය. ඔවුන් දෙදෙනා එක්ව නවසීලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 145 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 159 කි.
නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවි 318
(මාටින් ගප්ටිල් 26, හෙන්රි නිකෝල්ස් 18, ඩෙවොන් කොන්වේ 126, ටොම් ලේතම් 18, ඩර්ලි මිචෙල් නොදැවී 100, රුබෙල් හොසේන් 70/3)
බංග්ලාදේශය - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 154
(ලිටන් දාස් 21, මුෂ්ෆිකුර් රහීම් 21, මහමදුල්ලා රියාද් නොදැවී 76, ජේම්ස් නීෂම් 27/5, මැතිව් හෙන්රි 27/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.