Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තය 2-0 කින් කොදෙව්වන් පරදවයි

නවසීලන්තය 2-0 කින් කොදෙව්වන් පරදවයි

editorial - 2025 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මවුන්ට් මන්ගනුයි නුරව බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 323 ක ජයක් ලැබූ නවසීලන්ත ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වූහ. 

සිවුවැනි දිනය වූ ඊයේ (21 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් හඹායමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් කිසිවකු නොදැවී ලකුණු 43 ක් ලබා සිටි අතර අද දිනයේදී (22 වැනිදා) ඔවුන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී එක්කරගත හැකි වූයේ ලකුණු 95 ක් පමණි. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෙකොබ් ඩෆී ලකුණු 42 කට කඩුලු 5 ක් දවාගත් අතර කොදෙව් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් අජාස් පටේල් ලකුණු 23 කට කඩුලු 3 ක් බිඳහෙළීය. කොදෙව් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං ලකුණු 67 ක් රැස්කළේ හතරේ පහර 13 ක් සමගිනි. 

පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් සහ දෙවැනි ඉනිමේදී ශතකයක් ලබාගත් නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර තරගාවලිය පුරා කඩුලු 23 ක් දවාගත් නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජෙකොබ් ඩෆී තරගාවලියේ වීරයා බවට පත් විය. 


නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 575 
කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 420 
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 306 

(ටොම් ලේතම් 101, ඩොවොන් කොන්වේ 100, කේන් විලියම්සන් නොදැවී 40, රචින් රවින්ද්‍ර නොදැවී 46, කවේම් හොජ් 80/2) 
කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 138 
(බ්‍රෙන්ඩන් කිං 67, ජෙකෝබ් ඩෆී 42/5, අජාස් පටේල් 23/3) 

-036 


අදහස් (0)

නවසීලන්තය 2-0 කින් කොදෙව්වන් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.