Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවකයෝ කොල්කටා පිල දිනවති

නවකයෝ කොල්කටා පිල දිනවති

editorial - 2020 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවක ක්‍රීඩකයන්ගේ දස්කම් හමුවේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඩුබායිහිදී පැවැති තරගයෙන් ලකුණු 37 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම බදාදා (30 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ ලකුණු 137 කට නවතාලීමට කොල්කටා පන්දු යවන්නෝ සමත් වූහ.

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන සුනිල් නරේන්, පැට් කමින්ස් සහ කුල්දීප් යාදව් එක් කඩුල්ල බැගින් දවාගනිද්දී, නවක ක්‍රීඩකන් වන ශිවම් මාවි, කම්ලේෂ් නාගර්කෝටි සහ වරුන් චක්‍රවර්ති කඩුලු 2 බැගින් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මග පෑදූහ. 21 හැවිරිදි මාවි තවමත් ක්‍රීඩා කර ඇත්තේ අයි.පී.එල්. තරග 12 කට පමණක් වන අතර 20 හැවිරිදි කම්ලේෂ් සහ 29 හැවැරිදි වරුන් ක්‍රීඩා කර ඇත්තේ පිළිවෙලින් අයි.පී.එල්. තරග 2 කට සහ 3 කට පමණි.

රාජස්ථාන් කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොල්කටා පන්දු යවන්නෝ සමත් වූහ. ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක් ලබා සිටියදී දැවී ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වෙමින් රාජස්ථාන් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදීසිටි ටොම් කරන් පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණූ 54 ක් ලබා ගත් නමුත් ඔහුගේ උත්සාහය කණ්ඩායම දිනවීමට තරම් ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භක් ලබාදුන් ලාබාල ක්‍රීඩක (අවුරුදු 21) ශුබ්මන් ගිල් පන්දු 34 කදී ලකුණු 47 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. නිතිෂ් රානා පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක්ද, ඔන්ඩි්‍ර රසල් පන්දු 14 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් කොල්කටා ඉනිම ශක්තිමත් කළහ. ඉනිම නිමාවන තෙක්ම නොදැවී පන්දුවට පහරදුන් ඔයින් මෝගන් පන්දු 23 දී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34 ක් රැස්කළේය.


කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 174
(ශුබ්මන් ගිල් 47, සුනිල් නරේන් 15, නිතිෂ් රානා 22, ඔන්ඩ්‍රි රසල් 24, ඔයින් මෝගන් නොදැවී 34, ජොෆ්රා ආචර් 18/2)

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 137
(ජොස් බට්ලර් 21, රාහුල් තේවතියා 14, ටොම් කරන් නොදැවී 54, කම්ලේෂ් නාගර්කෝටි 13/2, ශිවම් මාවි 20/2, වරුන් චක්‍රවර්ති 25/2)

(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)

-036


අදහස් (0)

නවකයෝ කොල්කටා පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.