Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිලවරණය යළි පවත්වන්න අපට කියලා නෑ

නිලවරණය යළි පවත්වන්න අපට කියලා නෑ

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණය යළිත් වරක් විධිමත්ව පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කරනු ලැබ ඇතත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දැනුම්වත්ව නැතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් නාලක ශාන්තසිරි මහතා ‘කෙළිමඬල’ට පැවසීය.


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයාගෙන් අද (30 වැනිදා) කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයෙන් අද සවස් වන තුරුත් තමන්ට ඒ සම්බන්ධ කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බවයි.


ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ වොලිබෝල් සංගමයේ පැමිණිල්ලක් සලකා බලමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණය යළිත් වරක් විධිමත්ව පවත්වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළේය.


2015 ජුලි මස 27 වැනිදා පැවැති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන නිලවරණය නීතිවිරෝධි අයුරින් පවත්වා ඇති බවත්, එම නිලවරණයට ඉදිරිපත් වු තමා ඇතුළු ප්‍රවීණයන්ගේ වොලිබෝල් සම්මේලන නිලධාරීන්ට අසාධාරණයක් සිදුව ඇති බවත් කේ. එස්. පීරිස් මහතාගේ පැමිණිල්ලේ කරුණු වේ.


මේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයෙන් දුටු කරුණු හැරෙන්නට මෙතෙක් වොලිබෝල් සම්මේලනයට මේ සම්බන්‍ධයෙන් කරුණු දැක්වීම සඳහා කිසිම දැනුම්දීමක් ලැබී නැතැයිද නාලක මහතා පවසයි.


“අපි මේ පිළිබඳව දැනගත්තේ පුවත්පත් වල පළ වු ප්‍රවෘත්ති වලින්, අපට මේ දක්වා ලිපියකින්වත් කිසිම අයුරකින් කවුරුත් දන්වලා නෑ”


“රටේ නීතියට අනුව උසාවියට හෝ මානව හිමිකම් කොමිෂන් සභාවට හෝ අපට දැනුම්දෙන ඕනෑම තැනකට සභාපතිවරයා ඇතුළු වොලිබෝල් කමිටු නිලධාරීන් වශයෙන් ඉදිරිපත් වෙන්න අප සූදානම්. ඒත් ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ කරුණු විමසීමක් අපගෙන් කරලා නෑ”


“යළිත් නිලවරණයක් පවත්වන්න නියෝග කළොත් ඒකටත් අප එසැණින් ඉදිරිපත්වනවා යැයි ’‘නාලක මහතා වැඩි දුරටත් පැවසීය. ‘


මෙතෙක් නතරවී තිබු තරග යළි සංවිධානය කරමින් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව නඟා සිටුවීමට කටයුතු කරන අවස්ථාවකදී කිසියම් පිරිසක් කරන මේ කටයුතු වලින් ජාතික ක්‍රීඩාව නැවතත් කඩා වැටීමට ලක්විය හැකි යැයිද නාලක මහතා පවසයි.

 


අදහස් (0)

නිලවරණය යළි පවත්වන්න අපට කියලා නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.