Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නිට්ටඹුව කී‍්‍රඩිකාවෝ මුරලි සාම කුසලාන දිනති

නිට්ටඹුව කී‍්‍රඩිකාවෝ මුරලි සාම කුසලාන දිනති

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මුරලි සාම කුසලාන විස්සයි:20 ක‍්‍රිකට් තරගාවලියේ කාන්තා අවසාන මහා තරගයේදී බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම කඩුලූ 5 කින් පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට නිට්ටඹුව කාන්තා කණ්ඩායම අද (11 වැනිදා) සමත්විය.

මෙම අවසන් මහ තරගය ඔඞ්ඩුසුඩාන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 109 ක් රැස් කිරීමට සමත් වූයේය.  

පිළිතුරු ඉනිම ඇරඹූ නිට්ටඹුව කාන්තා කණ්ඩායම  ඕවර 19.1 කදී කඩුලූ 5 ක් දැවී අපේක්‍ෂිත ඉලක්කය පසුකර යමින් තම ජයග‍්‍රහණය තහවුරු කරගැනීමට සමත්වූහ.


බාලිකා පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 109
(පාරමී මහින්සලා 29, හර්ෂිතා මාධවී 25, ජනාදී අනාලී 20, සංජීවනී මධුෂිකා 6/2)

නිට්ටඹුව කාන්තා කණ්ඩායම -  ඕවර 19.1 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 112
(ශානිකා තරුෂී 25, පබසරා රණබාහු 21, සංජීවනී මධුෂිකා නොදැවී 19, සචිනි නදීශානී 15/2, සත්‍යා සංදීපනී 20/2)

 

මුරලි සාම කුසලාන කාන්තා අවසාන මහා තරගයේ විශේෂ අවස්ථා...


අදහස් (0)

නිට්ටඹුව කී‍්‍රඩිකාවෝ මුරලි සාම කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.