Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දෙවැනි එක්දින තරගය වර්ෂාවට දියවෙයි

දෙවැනි එක්දින තරගය වර්ෂාවට දියවෙයි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (03) පැවැති දෙවැනි තරගය විසදුමකින් තොරව අවසන් විය.

ලකුණු 194 ක ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා ඉනිමේ තෙවැනි  ඕවරයේදී අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවීය. පස්වරු 3.45 ට පමණ දැඩි වර්ෂාවක් ඇද හැළීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
 
පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ‘ඒ’ පිල  ඕවර 37 කදී සියලූ දෙනා දැවී ලකුණු 193 ක් රැස් කළේය.

දකුණතින් වේග පන්දු යවන නිසල තාරක ලකුණු 36 කට කඩුලූ 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ෆර්විෂ් මහරුෆ් (22/2), ජීවන් මෙන්ඩිස් (43/2) සහ දුෂ්මන්ත චමීර (48/2) කඩුලූ දෙක බැගින් දවා ගත්හ.

නායක කාලෝස් බ‍්‍රැත්වයිට් පන්දු 18 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 39 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් විය.

පොයින්ට් ස්ථානයේ පන්දු රකිමින් සිටි ධනුෂ්ක ගුණතිලක රැකගත් විශිෂ්ට උඩ පන්දුව හමුවේ ආරම්භක පිතිකරු ක්‍රෙග් බ‍්‍රැත්වයිට් ලකුණු 63 ක් ලබා හයවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

ක්‍රෙග් බ‍්‍රැත්වයිට් (63) සහ ජොනතන් කාටර් (39) තෙවැනි කඩුල්ලට පන්දු 83 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් පවත්වමින් සතුටුදායක තත්ත්වයකට රැගෙන ආහ.

දකුණතින් වේග පන්දු යවන නිසල තාරක යැවූ අනගි පන්දුව ජර්මේන් බ්ලැක්වුඞ්ගේ (0) කඩුල්ල සොයා යෑමත් සමග කොදෙව් පිල ලකුණු 19 කට කඩලූ දෙකක් බවට පත්විය.

ෆර්විෂ් මහරුෆ්ගේ පන්දුවක් හමුවේ සිවුවැනි  ඕවරයේදී ඇන්ඩෲ ෆ්ලෙචර් (02) පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. කොදෙව් පිලේ නායක කාලෝස් බ‍්‍රැත්වයිට් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

පෙර දින ඇද හැලූණු වර්ෂාවෙන් ක‍්‍රීඩාංගණයේ හතරේ සීමාව ආසන්න ප‍්‍රදේශය තෙත බරිතව තිබීම නිසා තරගය පස්වරු 12.15 ට ආරම්භ විය. ඒ අනුව තරගයේ ඉනිමක්  ඕවර 38 කට සීමාවිය.

දෙවැනි තරගය කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද වර්ෂාව හේතුවෙන් දඹුල්ලට මාරු කිරීමට සිදුවිය. දෙපිල අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය අනිද්දා (05) කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල
ක්‍රෙග් බ‍්‍රැත්වයිට් - ඇ. ධනුෂ්ක ගුණතිලක ප. නිසල තාරක    63
ඇන්ඩෲ ෆ්ලෙචර් - ඇ. රමිත් රඹුක්වැල්ල ප. ෆර්විෂ් මහරුෆ්    2
ජර්මේන් බ්ලැක්වුඞ් - ප. නිසල තාරක     0
ජොනතන් කාටර් - දුවද්දී දැවී ගියා     39
නිකුමර් බොනර් - ඇ. තිළිණ කණ්ඩම්බි ප. දුෂ්මන්ත චමීර    15
සුනිල් ඇම්බි‍්‍රස් - ප. නිසල තාරක    8
කාලෝස් බ‍්‍රැත්වයිට් - ඇ. රමිත් රඹුක්වැල්ල ප. ෆර්විෂ් මහරුෆ්    39
ඈෂ්ලි නර්ස් - ඇ. ධනුෂ්ක ගුණතිලක ප. දුෂ්මන්ත චමීර    1
නිකීතා මිලර් - ක. මූ. කළා ප. ජීවන් මෙන්ඩිස්    6
රොන්ස්ෆෝඞ් බීටන් - නොදැවී    4
ශනොන් ගේබි‍්‍රයල් - ප. ජීවන් මෙන්ඩිස්    2
අතිරේක    14
එකතුව  ඕවර 37 කදී සියලූ දෙනා දැවී     193

කඩුලූ වැටීම:
1-15(ඇන්ඩෘ ෆ්ලෙචර්), 2-19(ජර්මේන් බ්ලැක්වුඞ්), 3-87(ජොනතන් කාටර්), 4-224(නිකුමර් බොනර්), 5-136(සුනිල් ඇම්බි‍්‍රස්), 6-159(ක්‍රෙග් බ‍්‍රැත්වයිට්), 7-176(ඈෂ්ලි නර්ස්), 8-180(කාලෝස් බ‍්‍රැත්වයිට්), 9-186(නිකීතා මිලර්), 10-193(ශනොන් ගේබි‍්‍රයල්)

පන්දු යැවීම:
නිසල තාරක: 7-0-36-3, ෆර්විෂ් මහරුෆ්: 8-1-22-2, දුෂ්මන්ත චමීර: 7-0-48-2, රමිත් රඹුක්වැල්ල: 7-0-34-0, ජීවන් මෙන්ඩිස්: 8-0-43-2


ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල
දිමුත් කරුණාරත්න - දුවද්දී දැවී ගියා     2
ධනුෂ්ක ගුණතිලක - නොදැවී    4
ළහිරු තිරිමාන්න - නොදැවී     0
අතිරේක    2
එකතුව  ඕවර 2.1 කදී කඩුලූ 1 ක් දැවී     8

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, තිළිණ කණ්ඩම්බි, ජීවන් මෙන්ඩිස්, ෆර්විෂ් මහරුෆ්, නිසල තාරක, රමිත් රඹුක්වැල්ල, දුෂ්මන්ත චමීර

කඩුලූ වැටීම:
1-8(දිමුත් කරුණාරත්න)

පන්දු යැවීම:
ශනොන් ගේබි‍්‍රයල්: 1.1-0-4-0, රොන්ස්ෆෝඞ් බීටන්: 1-0-3-0

 

ශ්‍රී ලංකා  ‘ඒ’ -  බ. ඉ. කොදෙව් ‘ඒ’ පළමු එක්දින ක‍්‍රිකට් තරගය

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

දෙවැනි එක්දින තරගය වර්ෂාවට දියවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.