ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවුවන්ගේ ක්‍රිකට් සංගමය සංවිධානය කළ ‘ඩිල්මා’ අභියෝග කුසලාන දෘශ්‍යාබාධිතවුවන්ගේ ජාතික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රාගම රණවිරු සෙවණ ක්‍රීඩකයෝ සමත්වුහ.
මොණරාගල ශක්ති ක්‍රීඩා සමාජය සහ රණවිරු සෙවණ ක්‍රීඩා සමාජය අතර කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (25) පැවැති අවසන් මහා තරගයෙන් රණවිරු සෙවණ ක්‍රීඩා සමාජය කඩුලු 3 ක ජයක් ලැබීය.
රණවිරු සෙවණ ක්‍රීඩා සමාජය, දෘශ්‍යාබාධිත ක්‍රිකට් ජාතික ශූරතාව දිනාගත් පස්වැනි අවස්ථාව මෙයවේ. තරගයේ ඉනිමක් ඕවර 40 කට සීමා විය.
ශක්ති ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දෙමින් රැස් කළ ලකුණු 243 ක ඉලක්කය ඕවර 37.5 කදී කඩුලු 7 ක් දැවී සපුරා ගැනීමට රණවිරු සෙවණ කණ්ඩායම සමත්විය. ලකුණු 43 ක් ලබාගත් රණවිරු සෙවණ කණ්ඩායමේ ෂෙහාන් කුමාර අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
අවසන් පුර්ව තරගවලදී මොණරාගල ශක්ති ක්‍රීඩා සමාජය විසින් තංගල්ල සුපර් කිංග්ස් කණ්ඩායම ද, රණවිරු සෙවණ කණ්ඩායම විසින් සී.ඊ.ටී. කණ්ඩායමද පරාජය කරන ලදී.
දෘශ්‍යාබාධිතවුවන්ගේ ජාතික ක්‍රිකට් සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීම ද මෙම තරගාවලියෙන් සිදු කෙරිණ. මෙම සංචිතයෙන් ලබන වසරේ (2017) ජනවාරී මස ඉන්දියාවේදී පැවැත්වෙන දෘශ්‍යාබාධිතවුවන්ගේ ලෝක ක්‍රිකට් ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමට නියමිතය.
මොනරාගල ශක්ති ක්‍රීඩා සමාජය ඕවර 33.3 කදී 243
(දමිත් සඳරුවන් 65, උපුල් සංජීව 30, මනුක සචින්ත 24, සමන් කුමාර 46/4, ජේ.ඒ.කේ.ජයසුරිය 32/2, ජේ.පී.ඩී. රවින්ද්‍ර 52/2)
රණවිරු සෙවණ ක්‍රීඩා සමාජය ඕවර 37.5 කදී කඩුලු 7 ට 247
(ෂෙහාන් කුමාර 43, ජේ.පී.ඩී. රවින්ද්‍ර 26, සුරංග සම්පත් 39/2)
- 090
අන්ධ ක්‍රිකට් අවසන් තරගයේ විශේෂ අවස්ථා ...
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.