Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අයර්ලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද නමුත් එහිදී අවස්ථාවක් නොලද දුෂාන් හේමන්ත ලබන මස මුලදී පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ක්‍රීඩා කිරීමට සූදානම් කෙරෙන බව වාර්තා වේ. දකුණතින් පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ එංගලන්ත ලයන්ස් පිල හමුවේ සුවිශේෂී දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.
ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරාත් සූදානම් කරවන ලෙස ද උසස් දස්කම් මධ්‍යස්ථානයේ නිලධාරීන්ට තේරීම් කමිටුවෙන් උපදෙස් ලැබී තිබේ.
එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ක්‍රීඩා කළ එක්දින තරග තුනේදී දුෂාන් හේමන්තගේ පන්දු යැවීම සටහන් වූයේ (56/3), (43/5) සහ (27/3) ක් ලෙසිනි. පසුගියදා නිමා වූ ජාතික සුපර් ලීග් එක්දින තරගාවලියේදීත් තරග 8 කට ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත කඩුලු 13 ක් දවාගනිමින් තරගාවලියේ තුන්වැනි හොඳම පන්දු යවන්නා වශයෙන් තරගාවලිය අවසන් කළේය.
එක්දින කණ්ඩායමේ පා දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග පසුගිය දිනවල තරමක් අසාර්ථක වීම හේතුවෙන්, ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඔහුගේ ස්ථානයට යෙදවීම සඳහා, දුෂාන් හේමන්ත සූදානම් කරමින් සිටී. තවමත් ශ්‍රී ලංකා හිස්වැස්ම දිනා නැති හේමන්ත, පිතිකරු ලයිස්තුවේ අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරන, අසීරු අවස්ථාවන්හිදී බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවෙකි. ජාතික සුපර් ලීග් තරගාවලියේදීත් ලකුණු 141 ක් ලබාගත් ඔහුගේ පිතිහරඹයේ ඉනිමක සාමාන්‍යය ලකුණු 29.20 කි.
අයර්ලන්තයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී අතිරේක ක්‍රීඩකයකු වශයෙන් බැක්වර්ඩ් පොයින්ට් ස්ථානයේ පන්දු රකිමින් සිටි දුෂාන්, අයර්ලන්තයේ ඇන්ඩි මැක්බ්‍රයින් දවාගැනීමට රැකගත් උඩපන්දුව ඔහුගේ පිතිහරඹ හැකියාව සම්බන්ධයෙන් අනාවැකි කියන උඩපන්දුවකි. අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට ඔන්න මෙන්න කියා සිටියද කිසියම් අදෘශ්‍යමාන හේතුවක් නිසා දුෂාන් හේමන්තට එදා ටෙස්ට් හිස්වැස්ම අහිමි වූවත්, ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානය හිමිවන දිනය වැඩි ඈතක නොවේ.
තරමක් උස, 28 හැවිරිදි දුෂාන්, මේ වන විට දඟ පන්දු යවන්නකු දස්කම් දක්වන හොඳම වයසේ සිටින්නෙකි.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දිගින් දිගටම පරාජය වීමත්, තරුණ ක්‍රීඩකයන්ගෙන් අපේක්‍ෂිත දස්කම් ඉස්මතු නොවීමත් නිසා ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එක්දින කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටු නිලධාරීහු සාකච්ඡා කරමින් සිටින බවත් කියැවේ. මැතිව්ස් නවසීලන්තයේදී එක්දින තරග දෙකකට සහභාගි වූ නමුත් එම තරග දෙකේදීම අසාර්ථක විය.
උරහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි කුසල් ජනිත් පෙරේරා වසර දෙකකින් පමණ එක්දින තරගයකට ක්‍රීඩා කර නැත.
සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියට පොරතුව, ශ්‍රී ලංකා කණ්ඩායමට කිසියම් පෙරහුරුවක් ලබාගැනීම සඳහා ඇෆ්ඝනිස්ථානයට එරහිව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සූදානම් කර ඇත. මෙම තරගාවලියේ පළමු තරගය ජූනි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතත් තරගාවලියේ තරග කොතැනකදී පැවැත්වෙනවාද යන්න ඊයේ සවස් වන තුරුත් නිශ්චිත තීරණයක් නොතිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.